ගීතාවලිය 101:1-8

දාවිත් රචනා කළ ගීතයකි. 101  යෙහෝවා දෙවියනි, මම ඔබට ප්‍රශංසා ගී ගයන්නෙමි.+ප්‍රේමය* හා යුක්තිය ගැන මම ගායනා කරන්නෙමි.+   මට ඔබේ උපකාරය ලබා දෙන්න.+මම සිහිකල්පනාවෙන් ක්‍රියා කරමින් නිර්දෝෂ ජීවිතයක් ගත කරන්නෙමි.+මාගේ නිවසේදී පවා ඔබට විශ්වාසවන්තව සිටින්නෙමි.+   කිසි කමකට නැති දේවල් දෙස මම නොබලන්නෙමි.+නිවැරදි මාර්ගය අත්හැර ගිය අයගේ ක්‍රියා මට පිළිකුලකි.+මම ඒවාට කිසිසේත් හවුල් නොවෙමි.+   වංක සිත් ඇත්තන්ව කිසිවිටෙකත් නොපිළිගන්නෙමි.+කිසිම ආකාරයේ නරක දෙයකට හවුල් නොවුණෙමි.+   තම මිතුරා ගැන අපහාසාත්මක දේ රහසින් පතුරුවන අයව+මම නිහඬ කරන්නෙමි.+උඩඟු ඇස් ඇති, අහංකාර සිත් ඇති අයගේ ක්‍රියා+මම ඉවසන්නේ නැත.+   මාගේ ඇස් පොළොවේ සිටින විශ්වාසවන්ත අය කෙරෙහි යොමා ඇත.+මා සමඟ වාසය කිරීමට මා තෝරාගන්නේ ඔවුන්වය.+මට සේවය කිරීමට සුදුස්සන් වන්නේ+නිර්දෝෂ ජීවිතයක් ගත කරන අයය.+   කපටිකම් කරන කිසිවෙක් මාගේ නිවසේ වාසය නොකරන්නේය.+බොරු කියන කිසිවෙකුට මා ඉදිරියේසිටීමට+ මා ඉඩ නොදෙන්නේය.+   සෑම උදෑසනකම මම පොළොවේ ජීවත් වන දුෂ්ටයන් සියලුදෙනාවම නිහඬ කරන්නෙමි.+නපුරුකම් කරන සියල්ලන්ව+ යෙහෝවා දෙවිගේ නුවරෙන් සිඳ දමන්නෙමි.+

පාදසටහන්

හෝ, “ළැදි ප්‍රේමය.”