එෆීස 3:1-21

3  එහෙයින් පාවුල් වන මම වෙනත් ජාතීන්ට අයත්ව සිටින ඔබ වෙනුවෙන්+ සිරකරුවෙක්+ වෙමි. මා මෙලෙස සිටින්නේ ක්‍රිස්තුස් උදෙසාය.  දෙවිගේ මහත් කරුණාව ගැන ඔබට ප්‍රකාශ කිරීමේ වගකීම+ මට භාර දුන් බව ඔබ දැන සිටිනවාට සැකයක් නැත.  මීට කලින් මා ඔබට කෙටියෙන් ලියූ ලෙස මට පරිශුද්ධ රහසක් එළිදරව් කරනු ලැබීය.+  එහෙයින් මා ලියා එවන මේ දේවල් ඔබ කියවන විට ක්‍රිස්තුස්ගේ පරිශුද්ධ රහස+ ගැන මට ඇති අවබෝධය+ ඔබට තේරුම්ගත හැක.  කලින් ජීවත් වූ පරම්පරාවලට අයත් මිනිසුන්ට දෙවි මෙම රහස+ ගැන පැහැදිලිව එළිදරව් නොකළත් ඔහු දැන් තම ශුද්ධ නියෝජිතයන්ට* හා අනාගතවක්තෘවරුන්ට+ තම බලය මාර්ගයෙන් ඒ පිළිබඳ තොරතුරු ඉතා පැහැදිලිව එළිදරව් කර ඇත.+  ඒ රහස නම් වෙනත් ජාතීන්ට අයත් අය හවුල් උරුමක්කාරයන් සහ එකම ශරීරයේ+ අවයවයන් වන බවත් ඔවුන්ද අප සමඟ ක්‍රිස්තුස් යේසුස් සමඟ එකට බැඳී සිටින අය ලෙස දෙවිගේ පොරොන්දුවල ඉටු වීම අද්දකින බවත්ය.+ ඒ රහස එළිදරව් වන්නේ ශුභාරංචිය ප්‍රකාශ කිරීමෙනි.  මා එම පරිශුද්ධ රහස ප්‍රකාශ කරන සේවකයෙකු+ බවට පත් වුණේ දෙවිගේ මහත් කරුණාව නිසාය. නොමිලේ ලැබෙන ඒ මහත් කරුණාව මා අද්දුටුවේ දෙවිගේ බලය ක්‍රියා කරන ආකාරය පෙන්නුම් කිරීමටය.+  එම මහත් කරුණාව+ ශුද්ධ තැනැත්තන්ගෙන් සුළුම තැනැත්තාටත් වඩා සුළු කෙනෙකු ලෙස සැලකිය යුතු මට+ පෙන්වන ලදි. එසේ කළේ අසීමිත ධන සම්භාරයක්+ හා සමාන ක්‍රිස්තුස්ගෙන් ලැබෙන ආශීර්වාද පිළිබඳ ශුභාරංචිය වෙනත් ජාතීන්ට ප්‍රකාශ කිරීම සඳහාය.+  එලෙසම සියලු දේ සෑදූ දෙවි+ බොහෝ කාලයකට පෙර සිට සඟවා තැබූ ඒ පරිශුද්ධ රහසට+ අයත් වැඩපිළිවෙළ ක්‍රියාත්මක වන ආකාරය+ ගැන මිනිසුන්ට පැහැදිලිව අවබෝධ කර දීම සඳහාය. 10  එහි ප්‍රතිඵලයක් ලෙස දෙවි සභාව සමඟ කටයුතු කරන ආකාරයෙන්+ ස්වර්ගයේ තිබෙන පාලනවලටත් බලධාරීන්ටත්+ දෙවිගේ මහත් ප්‍රඥාවේ විවිධ පැති ගැන දැනුවත් වීමට+ අවස්ථාවක් උදා වී ඇත. 11  දෙවි ඒ සියල්ල කිරීමට පියවර ගත්තේ ක්‍රිස්තුස්ව+ එනම්, අපගේ ස්වාමීන් වන යේසුස්ව සම්බන්ධ කරගෙන ඔහු ඇති කළ සදාකාලික අරමුණට එකඟවය. 12  ක්‍රිස්තුස් කෙරෙහි අපට විශ්වාසයක් තිබෙන නිසා අපට ඔහු මාර්ගයෙන් කිසි බියක් සැකක් නැතුව දෙවි සමඟ නිදහසේ කතා කිරීමටත්* මහත් විශ්වාසයකින් යුතුව දෙවි වෙතට පිවිසීමේ හැකියාවත්+ ලැබී තිබේ. 13  එහෙයින් මා ඔබෙන් ඉල්ලා සිටින්නේ ඔබ වෙනුවෙන් මට විවිධ පීඩා විඳින්න සිදු වුවත්+ ඔබ දරන උත්සාහයන් අත් නොහරින ලෙසය. මන්ද එහි අවසන් ප්‍රතිඵලය වන්නේ ඔබ තේජසට පත් වීමය. 14  ඒ නිසා මම පියාණන්ට+ මගේ දණ නමමි.+ 15  ස්වර්ගයේ වාසය කරන සියලුදෙනාටම හා පොළොවේ වෙසෙන සෑම පවුලකටම+ නම ලැබී ඇත්තේ+ දෙවිගෙන්ය. 16  එහෙයින් ඉමහත් තේජසක්+ හිමි තැනැත්තාණන් වන දෙවිගෙන් මා අයැද සිටින්නේ ඔබට ඔහුගේ බලය ලබා දී+ ඇතුළාන්තයෙන්ම ශක්තිමත් පුරුෂයන්+ බවට පත් වෙන්න ඔබට උපකාර කරන්න කියාය. 17  එලෙසම ඔබ තුළ තිබෙන විශ්වාසය මාර්ගයෙන් ක්‍රිස්තුස්ගේ ආදර්ශය ඔබේ හදවත්වල රඳවාගන්නත් ඔබ අතරේ ප්‍රේමය පවත්වාගන්නත්+ ඔබට උපකාර කරන්න කියා මම ඉල්ලා සිටිමි. මා තවදුරටත් ඉල්ලා සිටින්නේ ශක්තිමත් ගසක් සේ හොඳින් මුල් ඇද+ ක්‍රිස්තුස් නමැති ශක්තිමත් අත්තිවාරම මත පිහිටා සිටීමට+ ඔබට හැකියාව ලබා දෙන්න කියාය. 18  එමගින් දෙවි ඔබටත් අන් සියලු ශුද්ධ තැනැත්තන්ටත් එළිදරව් කරන සියලු දේවල දිගත් පළලත් උසත් ගැඹුරත්+ සම්පූර්ණයෙන්ම වටහාගැනීමට+ ඔබට හැකි වනු ඇත. 19  එලෙසම සියලු දැනුම අභිභවා යන ක්‍රිස්තුස් පෙන්වා ඇති ප්‍රේමය+ ගැන දැනගැනීමටද ඔබට හැකි වෙයි. එහි ප්‍රතිඵලයක් ලෙස දෙවි තුළ තිබෙන සියලු ගුණංග ඔබට ලැබෙන නිසා ඒවායින් ඔබ පූර්ණ වනු ඇත.+ 20  අප තුළ ක්‍රියාත්මක වන බලය මාර්ගයෙන්+ අප ඉල්ලන ඕනෑම දෙයකට වඩා වැඩියෙනුත් අපට සිතාගත හැකි ඕනෑම දෙයකට වඩා වැඩියෙනුත් දේවල් කිරීමේ හැකියාව දෙවි සතුය.+ 21  එහෙයින් සභාව මගින්ද ක්‍රිස්තුස් යේසුස් මගින්ද සියලු ප්‍රශංසාවත් ගෞරවයත් ඔහුට ලබා දීම කොතරම් යෝග්‍යද! ජීවත් වන සෑම පරම්පරාවක් පුරාම සදහටම එසේ සිදු වේවා!+ ආමෙන්.*

පාදසටහන්

හෝ, “යවනු ලැබූවන්ට.”
හෝ, “ජනයා සමඟ නිදහසේ කතා කිරීමටත්.”
එනම්, එසේම වේවා!