එස්තර් 4:1-17

4  සිදු වී ඇති දේ+ මොර්දෙකයි+ දැනගත් විට ඔහු තම වස්ත්‍ර ඉරාගෙන, ගෝණි රෙදි+ ඇඳගෙන, අළු තවරාගෙන+ නුවර මැදට ගොස් මහත් දුකකින් හඬා වැලපුණේය.+  ඔහු එලෙස හඬමින් රජුගේ දොරටුව+ දක්වාම පැමිණ එහි නතර විය. මන්ද කිසිවෙකුට ගෝණි රෙදි ඇඳගෙන රජුගේ දොරටුවෙන් ඇතුල් වීමට අවසර තිබුණේ නැත.  රජු පැනවූ නීතිය ගැන දැනගත් විට සියලුම පළාත්වල+ ජීවත් වූ යුදෙව්වරුද නිරාහාරව සිට+ හඬා වැලපුණෝය.+ ඔවුහු මහත් සේ ශෝක වෙමින් ගෝණි රෙදි+ හා අළු+ මත වැතිර සිටියෝය.  එස්තර් බිසවගේ සේවයට සිටි තරුණියෝ හා නිලධාරීහු+ ඈ වෙතට පැමිණ ඒ සියලු විස්තර ඇයට දැන්වූවෝය. එය අසා බිසව බෙහෙවින් ශෝකයට පත් වූවාය. ඉන්පසු ඇය මොර්දෙකයි ඇඳ සිටි ගෝණි රෙදි වෙනුවට ඇඳගන්නා පිණිස ඔහුට වස්ත්‍ර යැව්වාය. නමුත් ඔහු එම වස්ත්‍ර පිළිගත්තේ නැත.+  එවිට එස්තර් බිසව තමාගේ සේවය සඳහා රජු පත් කළ නිලධාරීන්ගෙන් කෙනෙකු වූ හාතාක්ව+ කැඳවා සිදු වී ඇත්තේ කුමක්ද කියා මොර්දෙකයිගෙන් අසා දැනගන්නා ලෙස ඔහුට අණ කළාය.  හාතාක්, නුවරෙහි ප්‍රධාන මංසන්ධියේ සිටි මොර්දෙකයි වෙතට ගියේය. නුවරෙහි ප්‍රධාන මංසන්ධිය පිහිටා තිබුණේ රජුගේ දොරටුව ඉදිරියේය.  මොර්දෙකයි සිදු වූ සියල්ල+ ගැනත් හාමාන් යුදෙව්වරුන්ව විනාශ කර දැමීමට+ රජුගේ භාණ්ඩාගාරයට ගෙවීමට පොරොන්දු වූ මුදල+ ගැනත් හාතාක්ට පැවසුවේය.  එමෙන්ම එස්තර් බිසවට පෙන්වන පිණිස යුදෙව්වරුන්ව විනාශ කර දැමීමට ෂූෂන්හිදී+ දුන් නීතියේ පිටපතක්ද+ මොර්දෙකයි හාතාක්ට දුන්නේය. රජු ඉදිරියට ගොස් ඇගේ සෙනඟ+ වෙනුවෙන් අයැද කෙසේ හෝ රජුගේ කරුණාව දිනාගන්නා+ ලෙස තමන් ඇයට අණ කරන බව+ එස්තර් බිසවට පවසන ලෙසද මොර්දෙකයි ඔහුට කීවේය.  මොර්දෙකයි තමාට පැවසූ සෑම දෙයක්ම හාතාක්,+ එස්තර් බිසවට පැවසුවේය. 10  එවිට එස්තර් බිසව මොර්දෙකයිට මේ දේ පවසන ලෙස හාතාක්ට අණ කළාය.+ 11  “රජ්ජුරුවන් ඉදිරියට යන්න ආරාධනාවක් දැනට තිස් දවසකින් මට ලැබී නැහැ. යම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් රජතුමාගේ ආරාධනාව නැතුව රජු හමු වීමට ඇතුල් මළුවට+ පිවිසුණොත් නීතියට අනුව+ එසේ ඇතුල් වන තැනැත්තාව මරා දමන බව රජුගේ සියලු සේවකයොත් රාජධානියේ සියලු සෙනඟත් හොඳින් දන්නා කාරණයක්. එම නීතිය බල නොපාන්නේ රජ්ජුරුවන් තම රන් යෂ්ටිය එම තැනැත්තා වෙතට දිගු කළොත් පමණයි.”+ 12  එස්තර් බිසව පැවසූ දේ මොර්දෙකයිට දැන්වූ විට 13  ඔහු එස්තර් බිසවට මෙලෙස දන්වා යැවීය. “රජුගේ මාලිගාවේ සිටින නිසා යුදෙව්වරුන් සියලුදෙනා විනාශ වෙද්දී ඔබ විතරක් ගැලවෙයි කියා සිතන්න එපා.+ 14  මේ අවස්ථාවේදී ඔබ කිසිවක් නොකර නිහඬව සිටියත් මොනයම් හෝ මාර්ගයකින් යුදෙව්වරුන්ට අවශ්‍ය උපකාරයත් ගැලවීමත් ලැබෙයි.+ නමුත් ඔබත් ඔබේ පියාගේ පවුලේ සියලුදෙනාත් විනාශ වී යයි. මෙවැනි අවස්ථාවකදී සෙනඟට පිහිට වීම සඳහාම ඔබ රජුගේ බිසව වුණාද කියා කවුද දන්නේ!”+ 15  එය ඇසූ එස්තර් බිසව මොර්දෙකයිට මෙය දන්වා යැව්වාය. 16  “ඔබ ගොස් ෂූෂන්හි සිටින යුදෙව්වරුන්+ සියලුදෙනාව රැස් කර දවස් තුනක්+ මා වෙනුවෙන් නොකා නොබී සිටින්න+ කියා ඔවුන්ට පවසන්න. මමත් මගේ තරුණියන්+ සමඟ එලෙස නිරාහාරව සිටිනවා. එසේ දවස් තුනක් නිරාහාරව සිටීමෙන් පසු නීතියට පටහැනි වුණත් මම රජු ඉදිරියට යනවා. මගේ ජීවිතය නැති වුණත් මම එසේ කරනවා.”+ 17  එවිට මොර්දෙකයි එතැනින් පිටත්ව ගොස් එස්තර් බිසව තමාට පැවසූ ලෙසම කළේය.

පාදසටහන්