එසකියෙල් 45:1-25

45  “‘ඔබට උරුම වූ දේශය කොටස්වලට වෙන් කර එක් එක් කෙනාට බෙදා දෙන විට+ එයින් කොටසක් යෙහෝවා දෙවි වන මටද වෙන් කළ යුතුය.+ එය හැඳින්විය යුත්තේ ශුද්ධ භූමිය+ ලෙසයි. එහි දිග රියන් විසිපන්දහසක්ද පළල රියන් දසදහසක්ද විය යුතුය.+ වෙන් කරන ලද ඒ භූමිය ශුද්ධය.  එම ශුද්ධ භූමියෙන් කොටසක් දේවමාලිගාව සඳහා වෙන් කරන්න. එය රියන් පන්සියයක් දිග රියන් පන්සියයක් පළල හරි හතරැස් භූමියක් විය යුතුය.+ එම භූමිය වටේට රියන් පනහක් පළල බිම් තීරයක්ද වෙන් කරන්න. එය සතුන්ට තණබිමක් වනු ඇත.+  මෙලෙස ඔබ මා වෙනුවෙන් රියන් විසිපන්දහසක් දිග හා රියන් දසදහසක් පළල භූමියක් වෙන් කළ යුතුය. ඉතා ශුද්ධ දේවමාලිගාව පිහිටා තිබිය යුත්තේ එම භූමිය තුළය.+  එය දේශයෙන් වෙන් කරන ලද ශුද්ධ භූමියකි. එය උරුම වන්නේ+ යෙහෝවා දෙවි වන මට සේවය කරන පූජකයන්ටය.+ දේවමාලිගාවට අමතරව පූජකයන්ගේ නිවෙස්ද මෙම පරිශුද්ධ භූමියේ පිහිටා තිබෙනු ඇත.  “‘මීට අමතරව රියන් විසිපන්දහසක් දිග හා රියන් දසදහසක් පළල තවත් බිම් කොටසක් වෙන් කරනු ලැබේ.+ එය හිමි වන්නේ මාගේ ගෘහයේ සේවය කරන ලෙවීවරුන්ටය. උරුමයක් ලෙස භෝජන ශාලා විස්සක් ඔවුන්ට අයිති වේ.+  “‘මීට අමතරව ශුද්ධ භූමියට යාබදව රියන් පන්දහසක් පළල හා රියන් විසිපන්දහසක් දිග තවත් බිම් කොටසක් වෙන් කරනු ලැබේ. එහි නුවරක්ද තිබෙනු ඇත.+ එය මුළු ඊශ්‍රායෙල් ජනයාට අයිති වන්නේය.  “‘වෙන් කරන ලද ශුද්ධ භූමිය හා නුවර පිහිටි බිම් කොටස දෙපසින් එනම්, ඊට බස්නාහිරින් හා නැඟෙනහිරින් අධිපතියා සඳහා කොටස් දෙකක්ද වෙන් කරනු ලැබේ.+ දේශයේ බස්නාහිර මායිමේ සිට නැඟෙනහිර මායිම දක්වා ඇති මුළු දිග එනම්, වෙන් කරන ලද භූමිය ඇතුළුව අධිපතියාට හිමි කොටස් දෙකේ මුළු දිග ඊට උතුරින් හා දකුණින් පිහිටි ගෝත්‍ර දෙකට අයත් ප්‍රදේශවල දිගට සමාන වන්නේය.+  අධිපතියාට ලැබෙන කොටස් දෙක ඔහුගේ උරුමය වනු ඇත. මා යටතේ සේවය කරන අධිපතීහු ඊශ්‍රායෙල් ජාතියට තම ගෝත්‍ර අනුව දේශය නිසියාකාරව බෙදා උරුමයක් ලෙස දෙන්නෝය.+ ඔවුහු තවදුරටත් මාගේ සෙනඟට හිරිහැර කරන්නේ නැත.’”+  “විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි පවසන්නේ මෙයයි. ‘ඊශ්‍රායෙල් දේශයේ අධිපතිවරුනි, ඔබ කළ දුෂ්ටකම් දැන් හොඳටම ඇති!’+ “‘ඔබේ ප්‍රචණ්ඩකාරී ක්‍රියා නතර කරන්න. මින් ඉදිරියට අන් අය සතු දේ පැහැර නොගන්න.+ සාධාරණය ඉටු කර ධර්මිෂ්ඨ ජීවිතයක් ගත කරන්න.+ ඔබ තවදුරටත් මාගේ සෙනඟට අයිති කිසිවක් බලහත්කාරයෙන් පැහැර නොගත යුතුය.’+ එසේ පවසන්නේ විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවිය. 10  ‘ඔබ නිවැරදි තරාදිද නිවැරදි ඒපා මිනුම්ද* නිවැරදි බාත් මිනුම්ද* භාවිත කළ යුතුය.+ 11  හෝමරයකට* නියම කළ මිනුමක් ඇත. ඒපා මිනුම හා බාත් මිනුම තීරණය විය යුත්තේ හෝමරයේ මිනුමට අනුවය. බාත් මිනුමක් යනු හෝමරයකින් දහයෙන් එකකි. ඒපා මිනුමද හෝමරයකින් දහයෙන් එකකි.+ 12  ෂෙකෙලයක් යනු+ ගේරා* විස්සකි.+ ෂෙකෙල් විස්සක්ද ෂෙකෙල් විසිපහක්ද ෂෙකෙල් පහළවක්ද ඔබ මෙනා ඒකකයක් ලෙස සැලකිය යුතුය.’* 13  “‘ඔබ ඔප්පු කරන පූජා සඳහා සැපයිය යුතු දේවල් මේවාය. තිරිඟු හෝමරයකින් ඒපා මිනුමක් මැන එයින් හයෙන් එකක්ද බාර්ලි හෝමරයකින් ඒපා මිනුමක් මැන එයින් හයෙන් එකක්ද ඔප්පු කරන්න. 14  ඔබ ඔප්පු කළ යුතු තෙල් ප්‍රමාණය මනින්නේ බාත් මිනුම ආධාරයෙනි. බාත් මිනුමක් යනු කෝර් ඒකකයකින්* දහයෙන් එකකි. කෝර් ඒකකයක් හෝමරයකට සමානය.* 15  ඔබ බැටළුවෙකුවද ඔප්පු කළ යුතුය. ඊශ්‍රායෙල් ජනයාට හිමි සෑම බැටළුවන් දෙසියයකින් එක බැටළුවෙකුව ගෙනා යුතුය.+ දවන පූජාව+ සඳහාද හවුල් පූජාව+ සඳහාද උන්ව ගෙන එන්න. ඉහත කී තිරිඟු හා බාර්ලි ගෙනා යුත්තේ ධාන්‍ය පූජාව සඳහාය.+ එම පූජා මගින් ජනයාගේ පාපවලට සමාව ලබාගත හැකිය.’+ එසේ පවසන්නේ විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවිය. 16  “‘ඊශ්‍රායෙල්හි අධිපතියාට+ මේ සියලු දේවල් ලබා දීම දේශයේ වෙසෙන ජනයා සතු වගකීමකි.+ 17  උත්සව පවත්වන දවස්වලදී,+ නව සඳ පායන දවස්වලදී,+ සබත් දවස්වලදී+ හා ඊශ්‍රායෙල් ජනයාගේ සියලුම උත්සව සමයන්වලදී+ ඉදිරිපත් කරන දවන පූජා,+ ධාන්‍ය පූජා+ සහ පාන පූජා+ සඳහා අවශ්‍ය සියලු දේවල් සපයා දීමේ වගකීම පැවරී ඇත්තේ අධිපතියාටය.+ ඊශ්‍රායෙල් ජනයා කර ඇති පව්වලට සමාව ලබාගැනීම පිණිස පාප පූජා, ධාන්‍ය පූජා, දවන පූජා සහ හවුල් පූජා සඳහා අවශ්‍ය සියල්ල ගෙනා යුත්තේ ඔහුය.’ 18  “විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි පවසන්නේ මෙයයි. ‘පළමු මාසයේ පළමු දින පූජාවක් ලෙස ඔප්පු කරන පිණිස ඔබේ ගව රැළේ සිටින නිකැළැල් වස්සෙකුව රැගෙන යා යුතුය.+ එම පූජාව මගින් ශුද්ධස්ථානය පවිත්‍ර කළ යුතුය.+ 19  පූජකයා පාප පූජාවෙන් ගත් ලේ ස්වල්පයක් දේවමාලිගාවේ උළුවහුවලද+ පූජාසනය වටා ඉදිරියට නෙරා ඇති තීරයේ කොන් හතරේද+ ඇතුල් මළුවට ඇතුල් වන ශාලාවල දොරටුවේ උළුවහුවලද තැවරිය යුතුය. 20  ඔබ එම මාසයේ හත්වන දිනයේදී, නොදැනුවත්කම නිසා හෝ අතපසු වීමක් නිසා හෝ වරදක් කරන අය වෙනුවෙන්+ එම පිළිවෙතම අනුගමනය කළ යුතුය. ඔබ නමස්කාරය සඳහා දේවමාලිගාව පවිත්‍ර කළ යුත්තේ එලෙසය.+ 21  “‘පළමු මාසයේ දහහතරවන දින ඔබ පාස්කුව පැවැත්විය යුතුය.+ ඉන්පසුව දින හතක් පුරා පවත්වන උත්සවයේදී මුහුන් නොදැමූ රොටි අනුභව කරන්න.+ 22  ඒ දවසේදී අධිපතියා තමා වෙනුවෙන්ද දේශයේ වෙසෙන ජනතාව වෙනුවෙන්ද පාප පූජාවක් ලෙස ඔප්පු කිරීම සඳහා වස්සෙකුව සැපයිය යුතුය.+ 23  එම උත්සවය පවත්වන දින හත පුරා+ යෙහෝවා දෙවි වන මට දවන පූජාවක් ලෙස ඔහු වස්සන් හත්දෙනෙකුවද නිකැළැල් බැටළුවන් හත්දෙනෙකුවද දිනපතා සැපයිය යුතුය.+ පාප පූජාවක් සඳහා දිනපතා තරුණ එළුවෙකුවද සැපයිය යුතුය.+ 24  එක් වස්සෙකු සමඟ ධාන්‍ය පූජාවක් ලෙස ඔප්පු කිරීමට ධාන්‍ය ඒපාවක්ද එක් බැටළුවෙක් සමඟ ධාන්‍ය ඒපාවක්ද එසේ සපයන ධාන්‍ය ඒපාවකට තෙල් හින මිනුමක් බැගින්ද සැපයිය යුතුය.+ 25  “‘හත්වන මාසයේ, පහළොස්වන දිනෙන් ඇරඹෙන උත්සවයේදීද+ ඔහු කලින් උත්සවයේදී සැපයූ දේවල්ම දින හතක් පුරා සැපයිය යුතුය.+ එනම්, පාප පූජාවට හා දවන පූජාවට සැපයූ සතුන්ද ධාන්‍ය පූජාවට සැපයූ ධාන්‍ය හා තෙල්ද එලෙසම ලබා දිය යුතුය.’”

පාදසටහන්

නික් 16:36හි පාදසටහන බලන්න.
බාත් ඒකකයක් යනු ලීටර් 22කි.
එනම්, ලීටර් 220කි.
ගේරා එකක් යනු ග්‍රෑම් 0.57කි.
එනම්, ෂෙකෙල් හැටක් යනු මෙනා ඒකකයකි.
කෝර් මිනුමක් යනු ලීටර් 220කි.
මුල් භාෂාවේ මෙම වාක්‍යය දෙවරක් සඳහන් වේ.