එසකියෙල් 35:1-15

35  යෙහෝවා දෙවි මට මෙසේ පැවසුවේය.  “මනුෂ්‍ය පුත්‍රය, සේයිර් කඳුකරය+ දෙසට හැරී+ ඊට විරුද්ධව අනාවැකි කියන්න.+  ඔබ ඔවුන්ට මෙසේ පැවසිය යුතුය. ‘විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි මෙසේ පවසන්නේය. “සේයිර් කඳුකරයේ වැසියෙනි, මම ඔබට විරුද්ධ වන්නෙමි.+ මම ඔබට විරුද්ධව මාගේ හස්ත බලය යොදා+ ඔබව විනාශ කර පාළු දේශයක් බවට පත් කරන්නෙමි.+  ඔබේ නුවරවල් සියල්ල නටබුන් ගොඩක් බවට පත් කරන්නෙමි. ඔබ පාළු වූ දේශයක් බවට පත් වනු ඇත.+ එවිට මා යෙහෝවා දෙවි බව පිළිගන්න ඔබට සිදු වනු ඇත.+  ඔබට එවැනි දෙයක් සිදු වන්නේ ඔබ ඊශ්‍රායෙල්වරුන් සමඟ බොහෝ කලක් පුරා බද්ධ වෛරයකින් සිටි නිසාය.+ ඔවුන්ගේ අයුතුකම් අවසන් කරන පිණිස+ ඔවුන් පිටට ගෙනා විපතේදී+ ඔබ ඔවුන්ව සතුරාගේ කඩුවට හසු කර දුන්නහුය.”’+  “විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි මෙසේ පවසයි. ‘ජීවමාන දෙවි වන මා පවසන මේ දේ අනිවාර්යයෙන්ම සිදු වන්නේය. මම ඔබව මරණයට නියම කළෙමි. ඒ නිසා ඔබ අනිවාර්යයෙන්ම මරණය අද්දකිනු ඇත.+ ඔබ මිනිසුන්ට වෛර කරමින් ඔවුන්ගේ ලේ වැගිරෙවූ නිසා ඔබටද ඒ දේම සිදු වනු ඇත.+  මම සේයිර් කඳුකරය සම්පූර්ණයෙන්ම විනාශ කර දමා එය පාළු දේශයක් බවට පත් කරන්නෙමි.+ කිසිවෙකුට ඒ දේශය මැදින් ගමන් කිරීමටවත් ආපසු එයට හැරී ඒමටවත් මම ඉඩ නොදෙන්නෙමි.+  එහි කඳුකරය මළ කඳන්වලින් පුරවන්නෙමි. කඩුවෙන් මැරුම් කෑ අය එහි හෙල්වලද තැනිතලාවලද දිය පහරවලද වැටී සිටිනු ඇත.+  ඔබේ දේශය පාළුවට ගොස් සදහටම ඒ තත්වයේ පවතිනු ඇත. ඔබේ නුවරවල් නැවත කිසිදා ජනාවාස වන්නේ නැත.+ එවිට මා යෙහෝවා දෙවි බව පිළිගන්න ඔබට සිදු වනු ඇත.’+ 10  “යෙහෝවා දෙවි දේශයේ සිටියදීම,+ ‘මේ ජාතීන් දෙකත් මේ දේශ දෙකත් මම අයිති කරගන්නවා. අපි මේ දේශ දෙකම හිමි කරගන්නවා’ කියා ඔබ පැවසුවහුය.+ 11  එහෙයින් විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි මෙසේ පවසයි. ‘ජීවමාන දෙවි වන මා සහතිකවම පවසන මේ දේට සවන් දෙන්න. ඔබ තුළ ඔවුන් කෙරෙහි තිබෙන බද්ධ වෛරය හා ඊර්ෂ්‍යාව නිසා ඔබ කෝපයෙන් ඔවුන් සමඟ ක්‍රියා කළහුය.+ එහෙයින් ඔබ කළ සෑම දෙයකටම නිසි දඬුවම් ලබා දෙන්නෙමි. ඔබ පිටට මාගේ විනිශ්චය ගෙනෙන විට මා කවුද කියා ජනයා හොඳින් තේරුම්ගනු ඇත.+ 12  ඔබ ඊශ්‍රායෙල්හි කඳුකරය ගැන මෙසේ පැවසුවහුය. “මුළු කඳුකරයම පාළුවට ගිහින්. දැන් අපි දේශයට ඇතුල් වී එය නැති නාස්ති කරමු.”+ යෙහෝවා දෙවි වන මා ඔබ පැවසූ එම අගෞරවනීය වදන් අසාගෙන සිටි බව ඔබ අනිවාර්යයෙන්ම තේරුම්ගනු ඇත.+ 13  ඔබ මහ උජාරුවෙන් උදම් අනමින්+ මට විරුද්ධව බොහෝ දේ පවසා ඇත.+ මම ඒ සියල්ල අසාගෙන සිටියෙමි.’+ 14  “විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි පවසන්නේ මෙයයි. ‘පොළොවේ සියලු වැසියන් ප්‍රීතියෙන් ඉපිල යන කාලයේදී මම ඔබව පාළු නටබුන් ගොඩක් බවට පත් කරන්නෙමි. 15  ඊශ්‍රායෙල් ජාතියට උරුම වූ දේශය පාළු කරනු ලැබූ විට ඔබ ප්‍රීතියෙන් ඉපිල ගිය නිසා ඔබටත් ඒ දේම සිදු වෙයි.+ සේයිර් කඳුකරයේ වෙසෙන ජනයෙනි, මුළු ඒදොම් රාජධානියේ වැසියෙනි, ඔබේ දේශය සම්පූර්ණයෙන්ම පාළුවට යනු ඇත.+ එවිට මා යෙහෝවා දෙවි බව පිළිගන්න සියලුදෙනාටම සිදු වනු ඇත.’”+

පාදසටහන්