එසකියෙල් 2:1-10

2  එවිට ඔහු මට කතා කර, “මනුෂ්‍ය පුත්‍රය,+ නැඟිටින්න. ඔබට කීමට පණිවිඩයක් මා ළඟ තිබේ”+ යයි කීවේය.  ඔහු මට කතා කළ සැණින් දෙවිගේ බලය මා තුළ ක්‍රියාත්මක වෙන්න පටන්ගත්තේය.+ එවිට මට සිටගැනීමට අවශ්‍ය ශක්තිය ලැබිණ. මම නැඟිට මා සමඟ කතා කරමින් සිටි තැනැත්තාණන්ට සවන් දීමට සූදානම් වුණෙමි.+  ඔහු මට මෙසේ කීවේය. “මනුෂ්‍ය පුත්‍රය, මම ඔබව ඊශ්‍රායෙල් සෙනඟ වෙතට යවන්නෙමි.+ මට විරුද්ධව කැරලිගැසූ ඒ ජාතීන් වෙතට මම ඔබව යවන්නෙමි.+ අතීතයේ විසූ ඔවුන්ගේ මුතුන්මිත්තන් කළ ලෙසම අද වන තෙක්ම ඔවුහුද මට විරුද්ධව ක්‍රියා කර ඇත.+  කිසි කෙනෙකුව ගණනකට නොගන්නා,+ දැඩි සිත්+ ඇති ඒ සෙනඟ වෙතට මම ඔබව යවන්නෙමි. ‘විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවිගෙන් ලද පණිවිඩය මෙයයි’ කියා ඔබ ඔවුන්ට පවසන්න.  ඔවුහු කැරලිකාර සෙනඟකි.+ ඔවුන් ඔබ කියන දෙය පිළිගත්තත්+ නැතත්+ ඔවුන් අතරෙහි සිටියේ සැබෑ අනාගතවක්තෘවරයෙකු බව අනිවාර්යයෙන්ම තේරුම්ගන්නවා ඇත.+  “මනුෂ්‍ය පුත්‍රය, ඔවුන්ටවත් ඔවුන් පවසන දේවලටවත් බිය නොවන්න.+ ඔබ ජීවත් වන්නේ ගෝනුස්සන්ට+ හා කටු පඳුරුවලට+ සමාන සෙනඟක් අතරේය. ඔවුහු මුරණ්ඩු,+ කැරලිකාර සෙනඟකි.+ එහෙත් ඔවුන්ගේ වචනවලටවත්+ ඔවුන්ගේ දරුණු පෙනුමටවත් බිය නොවන්න.+  ඔවුන් ඔබ කියන දේ අසන්න කැමති වුවත් නැතත් මාගේ පණිවිඩය ඔවුන්ට පැවසිය යුතුයි. මන්ද ඔවුහු කැරලිකාර සෙනඟකි.+  “මනුෂ්‍ය පුත්‍රය, මා දැන් කියන දෙයට හොඳින් සවන් දෙන්න. ඔබත් ඒ සෙනඟ හා සමානව කැරලිකාරයෙකු නොවන්න.+ දැන් ඔබේ මුඛය විවෘත කර මා ඔබට දෙන දේ අනුභව කරන්න.”+  මා බලා සිටියදීම මා වෙත අතක් දිගු කරන ලදි.+ ඒ අතේ අකුළන ලද ලියවිල්ලක් තිබිණ.+ 10  ඔහු ඒ ලියවිල්ල මා ඉදිරියෙහිම දිගහැරියේය. වැලපීමට හේතු වන දුක්මුසු වචනද විලාප ගීයක්ද+ එම ලියවිල්ල දෙපැත්තේම ලියා තිබිණ.+

පාදසටහන්