එසකියෙල් 12:1-28

12  යෙහෝවා දෙවි මට තවදුරටත් මෙසේ පැවසීය.  “මනුෂ්‍ය පුත්‍රය, ඔබ සිටින්නේ කැරලිකාර සෙනඟක්+ අතරෙහිය. ඇස් තිබුණත් ඔවුන්ට නොපෙනේ.+ කන් තිබුණත් ඔවුන්ට නොඇසේ.+ මන්ද ඔවුහු කැරලිකාර සෙනඟකි.+  මනුෂ්‍ය පුත්‍රය, වහල්කමට යන කෙනෙකු මෙන් දහවල් කාලයේදී ඔබේ බඩු බාහිරාදිය සූදානම් කරගෙන ඔවුන් බලා සිටියදීම පිටත්ව යන්න. ඔබ එක් තැනක සිට තවත් තැනකට වහලෙකු සේ ඔවුන්ට පෙනෙන්න ගමන් කළ යුතුයි. ඔවුන් කැරලිකාර සෙනඟක් වුවත් සමහරවිට එහි අර්ථය ඔවුහු තේරුම්ගනු ඇත.+  ඔබ වහල්කමට යෑම සඳහා අවශ්‍ය බඩු බාහිරාදිය ඔවුන්ට පෙනෙන්නම දහවල් කාලයේදී එළියට ගෙනා යුතුය. ඔවුන් බලා සිටියදීම සවස් වරුවේ ඔබ වහලෙකු ලෙස පිටත්ව යා යුතුය.+  “ඔවුන්ට පෙනෙන්න බිත්තිය සිදුරු කර එයින් ඔබේ බඩු බාහිරාදිය පිටතට ගෙනෙන්න.+  ඔවුන් බලා සිටියදීම ඔබේ බඩු බාහිරාදිය කර මත තබාගෙන යන්න. අන්ධකාරයෙහි ඔබේ බඩු බාහිරාදිය පිටතට ගෙන යන්න. ඔබ යන විට මඟ නොපෙනෙන පිණිස ඔබේ මුහුණ වසාගෙන යන්න. මන්ද ඔබ කරන මේ දේ ඊශ්‍රායෙල් ජනතාවට+ ලකුණක් වනු ඇත.”+  මට අණ කළ ලෙස මම ඒ සියල්ල කළෙමි.+ වහලෙකු සේ යෑමට මාගේ බඩුමුට්ටු දහවල් කාලයේදී මම එළියට ගෙනාවෙමි. සවස් වරුවේදී මාගේ දෑතින් බිත්තිය සිදුරු කර මගේ බඩුමුට්ටු රාත්‍රියෙහි පිටතට ගෙනාවෙමි. මා ඒ බඩු බාහිරාදිය කර පිට තබාගෙන පිටතට ගෙනාවේ ඔවුන් බලා සිටියදීමය.  පසුදා උදෑසන යෙහෝවා දෙවි මට මෙසේ පැවසීය.  “මනුෂ්‍ය පුත්‍රය, ‘ඔබ කරන්නේ කුමක්ද’ කියා කැරලිකාර+ ඊශ්‍රායෙල් සෙනඟ ඔබෙන් ඇසුවේ නැද්ද? 10  ඔවුන්ට මෙසේ පවසන්න. ‘විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි පවසන්නේ මෙසේය. “යෙරුසලමට හා එහි අධිපතියාට විරුද්ධවත්+ එහි සිටින සියලුම ඊශ්‍රායෙල් ජනතාවට විරුද්ධවත් මා ප්‍රකාශ කරන තීන්දුව මෙයයි.”’ 11  “ඊශ්‍රායෙල් සෙනඟට මෙසේ කියන්න. ‘මා කළ දේ ඔබට ලකුණක් වන්නේය.+ මා කළ ලෙසම ඔවුන්ටත් කරන්න සිදු වෙයි. ඔවුහු අනිවාර්යයෙන්ම වහල්කමට යනවා ඇත.+ 12  ඔවුන්ගේ අධිපතියාද තම බඩු බාහිරාදිය කර පිට තබාගෙන අන්ධකාරයේදී පිටත්ව යන්නේය. බඩුමුට්ටු සමඟ ඔහුට පිටතට යෑම සඳහා පවුර සිදුරු කරනු ලබන්නේය.+ තමන් යන මඟ නොදකින පිණිස ඔහු තම මුහුණ වසාගෙන යනු ඇත.’ 13  මම ඔහුව හසු කරගැනීමට ඔහු පිට දැලක් එළන්නෙමි. ඔහු එම දැලට හසු වනු ඇත.+ මම ඔහුව කල්දිවරුන්ගේ දේශය වන බැබිලෝනියට ගෙන යන්නෙමි.+ නමුත් ඔහුට කිසිවක් නොපෙනේ. ඔහු එහිදී මිය යනු ඇත.+ 14  ඔහුගේ ආරක්ෂාවට ඔහු වටා සිටින සියලුදෙනාවද ඔහුගේ සියලු හමුදා බළඇණිද සතර දිග සුළඟෙන් විසුරුවාහරින්නෙමි.+ ඔවුන්ව ලුහුබැඳ යෑමට මම කඩුවක් එවන්නෙමි.+ 15  මම ඔවුන්ව විවිධ දේශයන් වෙතට පන්නා දමන්නෙමි. ජාතීන් අතරේ සීසීකඩ විසුරුවාහරින්නෙමි. එවිට මා යෙහෝවා දෙවි බව පිළිගන්න ඔවුන්ට සිදු වෙනවා ඇත.+ 16  එහෙත් මම ඔවුන් අතරින් කිහිපදෙනෙකුව කඩුවෙන්ද+ සාගතයෙන්ද වසංගතයෙන්ද බේරාගන්නෙමි. මා එසේ කරන්නේ ඔවුන් ජාතීන් අතරට විසිර ගොස් ඊශ්‍රායෙල් ජනයා සිදු කළ සියලුම පිළිකුල්සහගත දේවල්+ එම ජාතීන්ට දන්වන පිණිසය.+ එවිට මා යෙහෝවා දෙවි බව පිළිගන්න ඔවුන්ට සිදු වෙනවා ඇත.” 17  යෙහෝවා දෙවි මට තවදුරටත් මෙසේ පැවසීය. 18  “මනුෂ්‍ය පුත්‍රය, ඔබ ගන්නා ආහාර වෙවුලමින් අනුභව කරන්න. මහත් භීතියකින්ද කනස්සල්ලකින්ද ජලය පානය කරන්න.+ 19  ඉන්පසුව දේශයේ ජනතාවට මෙසේ පවසන්න. ‘ඊශ්‍රායෙල් භූමියේ වෙසෙන+ යෙරුසලමේ වැසියන් ගැන විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි පවසන්නේ මෙයයි. “ඔවුහු මහත් කනස්සල්ලකින් යුතුව ආහාර අනුභව කරන්නෝය. ඔවුහු භයෙන්ද වෙවුලමින්ද ජලය පානය කරන්නෝය. දේශයේ සියලු වැසියන් කළ සැහැසිකකම් නිසා+ එය සම්පූර්ණයෙන්ම පාළුවට යන්නේය.+ 20  ජනාකීර්ණ නගර පවා පාළු කරනු ලබන්නේය.+ දේශයද කිසිවෙකු නොවසන පාළු තැනක් බවට පත් වන්නේය.+ එවිට මා යෙහෝවා දෙවි බව පිළිගන්න ඔබට සිදු වෙනවා ඇත.”’”+ 21  යෙහෝවා දෙවි මට ඊළඟට පැවසුවේ මෙයයි. 22  “මනුෂ්‍ය පුත්‍රය, ‘කාලය ගෙවී ගියත්+ කිසි දර්ශනයක් නම් ඉටු වී නැහැ’+ කියා ඊශ්‍රායෙල් දේශයේ වෙසෙන ජනයා අතරේ ප්‍රසිද්ධ කියමනක් පතළ වී තිබෙනවා නොවේද?+ 23  එහෙයින් ඔවුන්ට මෙසේ පවසන්න. ‘විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවිගේ වචනය මෙයයි. “ඔවුන් පවසන ඒ ප්‍රසිද්ධ කියමන මම නැති කර දමන්නෙමි. ඉදිරියේදී ඊශ්‍රායෙල් දේශයෙහි කිසිවෙක් එය නොපවසනු ඇත.”’+ ඒ වෙනුවට ඔවුන්ට මෙසේ කියන්න. ‘කාලය අත ළඟයි.+ සෑම දර්ශනයක්ම ඉටු වනු ඇත.’ 24  තවදුරටත් ඊශ්‍රායෙල් වැසියන් අතර බොරු දර්ශන පතළ වන්නේවත්+ මුළා කරවන අනාවැකි පළ වන්නේවත් නැත.+ 25  ‘“කිව යුතු දේ යෙහෝවා වන මම ප්‍රකාශ කරන්නෙමි. එය අනිවාර්යයෙන්ම ඉටු වෙනවා ඇත.+ එය පමා නොවී නිසි කාලයේදී ඉටු වන්නේය.+ කැරලිකාර ජනයෙනි, ඔබ ජීවත්ව සිටින කාලයේදීම+ මා පවසන දේ ඉටු කරන්නෙමි.” එසේ පවසන්නේ විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවිය.’” 26  ඉන්පසුව යෙහෝවා දෙවි මට මෙසේ පැවසුවේය. 27  “මනුෂ්‍ය පුත්‍රය, ඊශ්‍රායෙල් සෙනඟ තමන් අතර මෙවැනි දෙයක් කතා කරති. ‘ඔහු දකින දර්ශන ඉටු වෙන්න තවත් බොහෝ කල් තිබෙනවා. ඔහු අනාවැකි කියන්නේ තව බොහෝ කාලයකට පසුව ඉටු වෙන්න තිබෙන දේවල් ගැනයි.’+ 28  එමනිසා ඔවුන්ට මෙසේ කියන්න. ‘විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි මෙසේ පවසයි. “‘මා කියන මේ දේවල් ඉටු කරන්න මම තවත් ප්‍රමාද නොවන්නෙමි.+ මා යමක් පැවසුවොත් එය අනිවාර්යයෙන්ම ඉටු වන්නේය.’+ එසේ පවසන්නේ විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවිය.”’”+

පාදසටහන්