එසකියෙල් 11:1-25

11  එවිට යම් බලයක්*+ මාව උසුලාගෙන+ යෙහෝවා දෙවිගේ ගෘහයේ නැඟෙනහිර දෙසින් පිහිටි දොරටුව අසලට ගෙන යන ලදි.+ ඒ දොරටුව ඉදිරියෙහි පුරුෂයෝ විසිපස්දෙනෙක් සිටියෝය.+ අස්සූර්ගේ පුත් යයෂනියාද බෙනායාගේ පුත් පෙලතියාද ඔවුන් අතර සිටිනවා දුටිමි. ඔවුහු අධිපතීන් ලෙස කටයුතු කරමින් සිටියෝය.+  එවිට දෙවි මට මෙසේ පැවසීය. “මනුෂ්‍ය පුත්‍රය, මෙම නුවරට විරුද්ධව කුමන්ත්‍රණය කරමින් ජනතාවට වැරදි මඟ පෙන්වීම් ලබා දෙන්නේ+ මේ පුරුෂයන්ය.  ඔවුහු මෙසේ පවසති. ‘මේ නුවර කල්දේරමක්+ මෙනි. අප ඒ තුළ සුරක්ෂිතව තිබෙන මස් හා සමානය. අප දැන් එහි ගෙවල් ගොඩනඟන්නත් සැලසුම් කර තිබෙනවා නොවේද?’+  “එබැවින් මනුෂ්‍ය පුත්‍රය, ඔවුන්ට විරුද්ධව අනාවැකි කියන්න.”+  එවිට යෙහෝවා දෙවිගේ බලය මා තුළ ක්‍රියාත්මක වී+ දෙවි මට මෙසේ පැවසුවේය. “ජනයාට මෙසේ දන්වන්න. ‘යෙහෝවා දෙවි ඔබට මෙසේ කියයි.+ “ඊශ්‍රායෙල් ජනයෙනි, ඔබ කියන දේ හරිය. ඔබ සිතන්නේ කුමක්ද කියාත් මම දනිමි.+  ඔබ මේ නුවරේ බොහෝදෙනෙකුව ඝාතනය කර ඇත. ඔවුන්ගේ මළ සිරුරුවලින් ඔබ එහි වීථි පුරවා ඇත.”’”+  “එබැවින් විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි ඔබට මෙසේ පවසන්නේය. ‘මේ නුවර කල්දේරමක්+ බව සැබෑය. එහි ඇති මස් නම් නුවර පුරාම ඔබ මරා දැමූ වැසියන්ගේ මළ සිරුරුය.+ එහෙත් ඔබව නුවරෙන් පිටතට ඇද දමනු ලබන්නේය.’”+  “‘ඔබ යම් කඩුවකට බිය වී සිටියහුය.+ මම දැන් ඒ කඩුවම ඔබට විරුද්ධව ගෙනෙන්නෙමි’ යයි විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි පවසන්නේය.+  ‘මම අනිවාර්යයෙන්ම ඔබව නුවරින් පිටතට ගෙනැවිත් වෙනත් ජාතීන්ගේ අතට හසු කර දී+ ඔබට විරුද්ධව මාගේ විනිශ්චය ඉටු කරන්නෙමි.+ 10  ඔබ කඩුවෙන් මැරුම් කන්නහුය.+ ඊශ්‍රායෙල්හි දේශ සීමාව අසලදී+ මම ඔබව විනිශ්චය කරමි. එවිට මා යෙහෝවා දෙවි බව පිළිගන්න ඔබට සිදු වෙනවා ඇත.+ 11  කල්දේරමක්+ වැනි වූ මෙම නුවරෙන් ඔබට ආරක්ෂාවක් ලැබෙන්නේ නැත. ඒ තුළ සුරක්ෂිතව තිබෙන මස් ඔබයයි නොසිතන්න. ඊශ්‍රායෙල්හි දේශ සීමා අසලදී මම ඔබව විනිශ්චය කරන්නෙමි. 12  මා දුන් නියෝගවලට එකඟව ඔබ ජීවත් වූයේ නැත. මාගේ තීන්දුවලට එකඟව ඔබ ක්‍රියා කළේ නැත.+ ඒ වෙනුවට ඔබ ක්‍රියා කළේ අවට සිටින ජාතීන්ගේ තීන්දුවලට අනුවය.+ එහෙයින් මා යෙහෝවා දෙවි බව පිළිගන්න ඔබට සිදු වෙනවා ඇත.’” 13  මා මේ අනාවැකි පවසා අවසන් වනවාත් සමඟම බෙනායාගේ පුත්‍රයා වූ පෙලතියා මිය ගියේය.+ එවිට මම මුණින් වැටී මහත් හඬින් මෙසේ මොරගැසුවෙමි.+ “අනේ, විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවියනි!+ ඊශ්‍රායෙල් ජාතියේ ඉතුරු වී සිටින අයව ඔබ සම්පූර්ණයෙන්ම විනාශ කර දමනවාද?”+ 14  ඉන් අනතුරුව යෙහෝවා දෙවි මට මෙසේ පැවසීය. 15  “මනුෂ්‍ය පුත්‍රය, ඔබේ ලේ නෑයන්ටද*+ මුළු ඊශ්‍රායෙල් සෙනඟටද යෙරුසලමේ වැසියෝ මෙසේ කියා ඇත. ‘ඔබ යෙහෝවා දෙවිගේ මෙම දේශයෙන් ඈත් වෙලයි සිටින්නේ. ඒ නිසා දැන් දේශය අයිති අපටයි. එය උරුමයක් ලෙස දී තිබෙන්නේ අපටයි.’+ 16  ඒ නිසා දැන් ඔවුන්ට මෙසේ කියන්න. ‘විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි පවසන්නේ මෙයයි. “මා ජාතීන් අතරට ඔවුන්ව පලවාහැරියත් දේශයන් පුරාම ඔවුන්ව විසුරුවාහැරියත්+ ඔවුන් ඒ දේශයන්වල ජීවත් වන කෙටි කාලය තුළදී මම ඔවුන්ට ශුද්ධස්ථානයක්* මෙන් වන්නෙමි.”’+ 17  “එමනිසා ඔවුන්ට මෙසේ පවසන්න. ‘විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි පවසන්නේ මෙයයි. “මම ඔවුන්ව ජාතීන් අතරින් නැවත එකතු කරගන්නෙමි. ඔවුන්ව විසුරුවාහැරිය දේශවලින් එක් රැස් කර නැවත ඊශ්‍රායෙල් භූමිය ඔවුන්ට ලබා දෙන්නෙමි.+ 18  ඔවුහු නියත වශයෙන්ම ඊශ්‍රායෙල් දේශයට පැමිණ එහි තිබෙන සියලු පිළිකුල්සහගත දේවල් හා සියලුම නින්දාසහගත දේවල් ඉවත් කරනවා ඇත.+ 19  මම ඔවුන්ව එකමුතු සෙනඟක් කරන්නෙමි.+ මම ඔවුන් සිතන ආකාරය වෙනස් කරන්නෙමි.+ ගලක් මෙන් තදව තිබූ ඔවුන්ගේ සිත වෙනුවට+ මම ඔවුන්ට ප්‍රේමයෙන් පිරි හදවතක් දෙන්නෙමි.+ 20  එවිට මාගේ ආඥාවලට එකඟව ජීවත් වීමටත් මා තීන්දු කර ඇති දේට අවනත වී ඒවා පිළිපැදීමටත් ඔවුහු පෙලඹෙනු ඇත.+ ඔවුහු ඇත්තටම මාගේ සෙනඟ වන්නෝය.+ මමද ඔවුන්ගේ දෙවි වන්නෙමි.”’+ 21  “‘“නමුත් තමන්ගේ සිත් පිළිකුල්සහගත හා නින්දිත දේවලට යොමු කර ඇති අයට+ තමන් කරන දේවල ප්‍රතිඵල අද්දකින්න සිදු වෙයි” කියා විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි පවසන්නේය.’”+ 22  කෙරුබ්වරුන්+ තම පියාපත් විහිදුවා ඉහළට නැඟී ගිය විට රෝදද ඔවුන් සමඟම ගියේය.+ ඊශ්‍රායෙල්හි දෙවිගේ තේජස+ කෙරුබ්වරුන්ට ඉහළින් බැබළුණේය.+ 23  ඉන්පසු නුවර මධ්‍යයෙහි බැබළෙමින් තිබූ යෙහෝවා දෙවිගේ තේජස+ නුවරේ නැඟෙනහිර දෙසින් පිහිටි+ කන්ද වෙතට ගොස්+ ඊට ඉහළින් බැබළෙන්න පටන්ගත්තේය. 24  එවිට යම් බලයක්+ මාව ඔසවාගෙන ගොස්+ කල්දිවරුන්ගේ දේශයේ වහලුන් ලෙස සිටි ජනතාව+ අතරේ තැබුවේය. ඉන්පසු දෙවි තම බලය මාර්ගයෙන් මට පෙන්වූ එම දර්ශනය එතැනින් නිමා විය. 25  එවිට යෙහෝවා දෙවි මට දකින්න සැලැස්වූ සෑම දෙයක් ගැනම ඒ දේශයේ වහලුන් ලෙස සිටි ජනතාවට මම පැවසුවෙමි.+

පාදසටහන්

එස 3:12හි පාදසටහන බලන්න.
හෝ, “ඔබේ උරුමය මුදවාගැනීමට ඔබට ඇති අයිතිය ගැන උනන්දුවක් දක්වන ඔබේ සහෝදරයන්ට.”
හෝ, “රක්ෂස්ථානයක්.”