උත්පත්ති 42:1-38

42  ඊජිප්තුවේ ධාන්‍ය තිබෙන බව යාකොබ්ට දැනගන්න ලැබුණු විට+ ඔහු තම පුත්‍රයන්ට කතා කර මෙසේ කීවේය. “ඇයි ඔබ නිකම් බලාගෙන ඉන්නේ?  ඊජිප්තුවේ ධාන්‍ය තියෙනවා කියලා මට ආරංචි වුණා.+ අපි සියලුදෙනාම බඩගින්නේ මැරෙන්න කලින්, ඊජිප්තුවට ගිහින් ධාන්‍ය ටිකක් මිල දී ගන්න.”  යාකොබ් කියූ ලෙස, යෝසෙප්ගේ සහෝදරයන්+ දහදෙනෙක් ඊජිප්තුවෙන් ධාන්‍ය මිල දී ගැනීමට පිටත්ව ගියෝය.  නමුත් යාකොබ් යෝසෙප්ගේ සහෝදරයා වන බෙන්ජමින්ට+ ඔවුන් සමඟ යෑමට ඉඩ දුන්නේ නැත. මන්ද බෙන්ජමින්ට අනතුරක් වෙන්න පුළුවන් කියා ඔහුට භයක් තිබිණ.+  ඊශ්‍රායෙල්ගේ පුත්‍රයෝ කානාන් දේශයේ සාගතයෙන් පෙළුණු අනික් අය සමඟ ධාන්‍ය මිල දී ගැනීමට ඊජිප්තුවට ගියෝය.+  දේශය පාලනය කරමින් සිටි යෝසෙප්+ පොළොවේ සෑම පළාතකින්ම පැමිණි ජනයාට ධාන්‍ය වික්කේය.+ යෝසෙප්ගේ සහෝදරයෝද ඔහු වෙතට ගොස් හිස නමා ඔහුට ආචාර කළෝය.+  යෝසෙප් තම සහෝදරයන්ව දුටු විගස ඔවුන්ව හඳුනාගත්තේය. නමුත් තමා කවුද කියා ඔහු ඔවුන්ට දැනෙන්න සැලැස්වූයේ නැත.+ ඔහු ඔවුන්ට සැරපරුෂ ලෙස කතා කර, “නුඹලා කොහෙන්ද ආවේ” කියා ඇසුවේය. ඔවුහුද, “අපි කෑම මිල දී ගන්න කානාන් දේශයේ ඉඳන් ආවේ”+ කියා පිළිතුරු දුන්නෝය.  යෝසෙප්ගේ සහෝදරයෝ ඔහුව හඳුනාගත්තේ නැත.  ඒ මොහොතේදී, තම සහෝදරයන් ගැන දුටු සිහින යෝසෙප්ට මතක් විය.+ ඔහු නැවතත් ඔවුන්ට කතා කරමින් මෙසේ කීවේය. “නුඹලා ඔත්තුකාරයෝ! මේ රටේ අනාරක්ෂිත තැන් ගැන තොරතුරු හොයලා බලන්නයි නුඹලා ඇවිත් ඉන්නේ!”+ 10  එවිට ඔවුහු මෙසේ කීවෝය. “නැහැ මාගේ ස්වාමීනි,+ ඔබේ සේවකයන්+ ආවේ කෑම මිල දී ගන්නයි. 11  අපි හැමෝම එක පවුලක සහෝදරයෝ. එක පියෙකුගේ දරුවන්. අපි අවංක මිනිස්සු, ඔත්තුකාරයන් නොවෙයි.”+ 12  නමුත් ඔහු මෙසේ කීවේය. “නැහැ, නුඹලා ඇවිත් ඉන්නේ අපේ දේශයේ අනාරක්ෂිත තැන් බලන්නයි!”+ 13  එවිට ඔවුහු මෙසේ පැවසුවෝය. “ඔබේ සේවකයන් වන අපි එකම පවුලේ දරුවන්. අපේ පියා+ ජීවත් වෙන්නේ කානාන් දේශයේ. අපේ පවුලේ සහෝදරයන්+ දොළොස්දෙනෙක්. බාලම සහෝදරයා අපේ පියා එක්ක නැවතුණා.+ අනික් සහෝදරයා දැන් අප අතර නැහැ.”+ 14  එහෙත් යෝසෙප් ඔවුන්ට මෙසේ කීවේය. “නැහැ, නුඹලා ඔත්තුකාරයෝ. 15  නුඹලා කියන කතාව ඇත්ත නම් නුඹලාගේ බාල සහෝදරයාව මෙතැනට ගෙන්වගන්න.+ නමුත් මම පාරාවෝගේ නමින් දිවුරලාම කියන්නම්, නුඹලා මට බොරුවක් කියලා තියෙනවා නම් මේ දේශයෙන් පිට වෙලා යන්න මම නුඹලාට ඉඩ තියන්නේ නැහැ. 16  නුඹලාගෙන් එක් කෙනෙක් ගිහින් බාල සහෝදරයාව මෙතැනට එක්කගෙන එන්න. අනික් හැමෝවම මම අත්අඩංගුවේ තියාගන්නවා. එතකොට මට බලන්න පුළුවන් නුඹලා කියන දේ ඇත්තද කියලා.+ මම පාරාවෝගේ නමින් දිවුරලා කියන්නේ, නුඹලාගේ සහෝදරයාව එක්කගෙන ආවේ නැත්නම් මම නුඹලාව ඔත්තුකාරයන් හැටියටයි ගණන් ගන්නේ.” 17  එසේ කියා ඔහු ඔවුන් සියලුදෙනාවම දවස් තුනකට අත්අඩංගුවේ තැබුවේය. 18  තුන්වන දවසේ යෝසෙප් ඔවුන්ට මෙසේ කීවේය. “සැබෑ දෙවි ගැන මට ගරුබියක්+ තියෙනවා. ඒ නිසා ජීවත් වෙන්න කැමති නම් මම කියන විදිහට කරන්න. 19  ඔබ සැවොම අවංක මිනිස්සු නම් මේ දේ කරන්න. මම එක් කෙනෙකුව විතරක් හිරගෙදර තියාගන්නම්.+ අනික් හැමෝම මෙහෙන් පිට වී බඩගින්නේ ඉන්න ඔබේ පවුලේ අයට ධාන්‍ය අරගෙන යන්න.+ 20  ඔබ කියූ දේ ඇත්ත නම් බාල සහෝදරයාත් එක්ක ඔබ නැවත මේ දේශයට එයි. ඔබේ ජීවිතත් බේරෙයි.”+ ඔවුහු ඔහු කී දේ කරන්න එකඟ වූහ. 21  ඔවුහු එකිනෙකා අතරේ මෙසේ කතා වූහ. “අපේ සහෝදරයාට අපි කළේ ලොකු අසාධාරණයක්.+ අනුකම්පා කරන්න කියා ඔහු අඬඅඬා අපෙන් ඉල්ලුවත් අපි ගණන් ගත්තෙවත් නැහැ. අපි කළ වරදට ගණන් දෙන්න ඕනේ. අපි මේ වගේ දුක් විඳින්නේ ඒ නිසයි.”+ 22  එවිට රූබෙන් ඔවුන්ට මෙසේ කීවේය. “‘දරුවාට මොකුත් කරන්න එපා’ කියා මම ඒ වෙලාවේ කිව්වා නේද? නමුත් එක් කෙනෙක්වත් මට සවන් දුන්නේ නැහැ.+ දැන් ඔහුගේ ජීවිතේට අපිට වන්දි ගෙවන්න වෙයි.”+ 23  යෝසෙප් ඔවුන් සමඟ පරිවර්තකයෙකුගේ උපකාරයෙන් කතා කළ බැවින් ඔවුන් කතා කරමින් සිටි දේවල් ඔහුට තේරුණු බව ඔවුහු දැන සිටියේ නැත. 24  ඔහු ඔවුන්ගෙන් මදක් ඈතට ගොස් ඇඬුවේය.+ පසුව ඔහු නැවත ඔවුන් ළඟට පැමිණ ඔවුන් සමඟ කතා කළේය. ඔහු ඔවුන් ඉදිරියේම සිමියොන්ව+ බැඳ තැබුවේය.+ 25  ඉන්පසු ඔවුන්ගේ මලුවලට ධාන්‍ය පුරවන ලෙසත් ඔවුන් එක් එක් කෙනාගේ මුදල් නැවත මලුවලට දමන ලෙසත්+ ගමනට අවශ්‍ය දේ ඔවුන්ට දෙන ලෙසත්+ යෝසෙප් තම සේවකයන්ට අණ කළේය. අණ කළ ලෙසම සිදු කෙරිණ. 26  ඔවුහුද තමන්ගේ බූරුවන් පිට ධාන්‍ය පටවාගෙන එතැනින් පිටත්ව ගියෝය. 27  ගමන අතරතුරේ නවාතැන්පොළකදී එක් සහෝදරයෙක් තම බූරුවාට ආහාර දෙන පිණිස තම මල්ල ඇරියේය.+ ඔහු මල්ල ඇර බැලූ විට ආහාර ද්‍රව්‍යවලට උඩින්ම තමා ගෙවූ මුදල තිබෙන බව දුටුවේය.+ 28  ඔහු තම සහෝදරයන්ට මෙසේ කීවේය. “මේ බලන්න, මම ගෙවූ මුදල් ටික නැවතත් මගේ මල්ලට දාලා!” එය ඇසූ විට ඔවුහු බොහෝ සෙයින් භය වී වෙවුලමින්,+ “දෙවි අපට කුමක්ද මේ කළේ”+ කියා එකිනෙකාගෙන් ඇසූහ. 29  කානාන් දේශයට පැමිණි පසු ඔවුහු සිදු වූ සියල්ල ගැන විස්තර කරමින් තම පිය වූ යාකොබ්ට මෙසේ කීවෝය. 30  “අපි රටේ ඔත්තු බලන්න ආවා කියා හිතාගෙන+ ඒ රටේ ස්වාමියා අපට සැරෙන් කතා කළා.+ 31  නමුත් අපි ඔහුට මෙහෙම කිව්වා. ‘අපි අවංක මිනිස්සු,+ ඔත්තුකාරයන් නොවෙයි. 32  අපි හැමෝම එක පියෙකුගේ දරුවෝ.+ අපි සහෝදරයෝ දොළොස්දෙනෙක්.+ එක සහෝදරයෙක් අප අතර නැහැ.+ බාලයා අපේ පියා එක්ක කානාන් දේශයේ ඉන්නවා.’+ 33  නමුත් රටේ ස්වාමියා අපිට මෙහෙම කිව්වා.+ ‘ඔබ ඇත්තටම අවංක මිනිස්සු නම්,+ ඔබෙන් එක් කෙනෙක් මාත් එක්ක මෙහෙ නතර වෙන්න.+ අනික් හැමෝටම මෙහෙන් යන්න පුළුවන්. බඩගින්නේ ඉන්න ඔබේ පවුලේ අයට කෑම අරගෙන යන්න.+ 34  ඔබේ බාල සහෝදරයාව මෙහෙට එක්කගෙන ආවොත් ඔබ ඔත්තුකාරයන් නොව අවංක මිනිස්සු කියා මම පිළිගන්නම්. මම නැවතත් ඔබේ සහෝදරයාව ඔබටම භාර දෙන්නම්. ඔබට මේ දේශයෙන් ආහාර ද්‍රව්‍ය රැගෙන යන්නත් පුළුවන්.’”+ 35  පසුව ඔවුහු තම තමන්ගේ මලු ඇර බැලූ විට තමන් ගෙවූ මුදල් නැවත මලුවලට දමා තිබූ බව දුටුවෝය. එය දැක ඔවුහුද ඔවුන්ගේ පියාද භය වූහ. 36  එවිට ඔවුන්ගේ පියා වන යාකොබ් මෙසේ කීවේය. “ඔබ මේ විදිහට මට දුක් දෙන්නේ ඇයි?+ මට යෝසෙප් නැති වුණා. සිමියොනුත් නැති වුණා.+ දැන් ඔබ බෙන්ජමින්වත් අරගෙන යන්න හදනවා. මේ හැම දුකක්ම විඳින්නේ මමයි.” 37  එවිට රූබෙන් තම පියාට මෙසේ කීවේය. “බෙන්ජමින්ව මට භාර දෙන්න. මම ඔහුව බලාගන්නම්. මම ඔහුව නැවත තාත්තා ගාවට එක්කගෙන එන්න පොරොන්දු වෙනවා.+ ඔහුව ගෙදරට එක්කගෙන ආවේ නැත්නම් මගේ පුතාලා දෙන්නාව මරා දමන්න.”+ 38  එහෙත් ඔහු මෙසේ කීවේය. “මගේ පුතාව ගෙනි යන්න මම ඉඩ දෙන්නේ නැහැ. ඔහුගේ සහෝදරයාත් මැරුණා. දැන් ඉතුරු වෙලා ඉන්නේ ඔහු විතරයි.+ ගමන අතරතුරේදී අනතුරක් වෙලා ඔහු මැරුණොත් මහලු වයසේ ඉන්න මාත් දුක දරාගන්න බැරිව මැරිලා යයි.”+

පාදසටහන්