උත්පත්ති 34:1-31

34  ලෙයා යාකොබ්ට දාව බිහි කළ දියණිය වන දීනා+ දේශයේ තරුණියන්ව+ බලන්න යෑමට පුරුදු වී සිටියාය.+  ඇය මෙසේ යද්දී දේශයේ අධිපතියෙකු වූ හිවීය ජාතික+ හාමෝර්ගේ පුත්‍රයා වන ෂීකෙම් ඇය කෙරෙහි උනන්දුවක් දක්වන්න පටන්ගත්තේය. දිනක් ඔහු ඇයව ගෙන ගොස් දූෂණය කළේය.+  යාකොබ්ගේ දියණිය වන දීනාට ඔහුගේ සිත තදින්ම ඇදී ගිය නිසාත් ඔහු ඇයට ආදරය කළ නිසාත් ඔහු නිතරම කතාවෙන් ඇගේ සිත දිනාගන්න උත්සාහ කළේය.  පසුව ෂීකෙම් තම පියා වන හාමෝර්ට+ මෙසේ කීවේය. “මේ තරුණියව මට භාර්යාවක් හැටියට ලබා දෙන්න.”+  ෂීකෙම්, තම දුව වන දීනාව දූෂණය කළ බව යාකොබ්ට ආරංචි විය. ඒ අවස්ථාවේදී යාකොබ්ගේ පුත්‍රයෝ ඔහුගේ රැළ සමඟ තණබිමේ සිටියෝය.+ එබැවින් ඔවුන් නැවත එන තෙක් යාකොබ් නිශ්ශබ්දව සිටියේය.+  පසුව ෂීකෙම්ගේ පියා වන හාමෝර් යාකොබ් සමඟ කතා කරන්න පැමිණියේය.+  යාකොබ්ගේ පුත්‍රයන්ට ඒ ගැන ආරංචි වූ විගස ඔවුහු තණබිමේ සිට ආවෝය. ඒ ගැන දැනගත් විට ඔවුහු කම්පා වී අතිශයින් කෝප වූහ.+ මන්ද ෂීකෙම් කිසිවිටෙක නොකළ යුතු දුෂ්ට මෙන්ම නින්දිත ක්‍රියාවක්+ කර තිබිණ. යාකොබ්ගේ දුවව දූෂණය කිරීමෙන් ඔහු ඊශ්‍රායෙල්ට කළේ මහත් නින්දාවකි.+  හාමෝර් ඔවුන්ට කතා කරමින් මෙසේ කීවේය. “මගේ පුත් ෂීකෙම් ඔබේ දුවට ආදරය කරනවා.+ ඇයව ඔහුට භාර්යාවක් හැටියට දෙන්න කියා මම ඔබෙන් කරුණාවෙන් ඉල්ලා සිටිනවා.+  ඔබ අප සමඟ විවාහ ගිවිසුම් ඇති කරගන්න.+ ඔබේ දූවරුන්ව අපේ පුත්‍රයන්ට විවාහ කර දෙන්න. අපේ දූවරුන්ව අපි ඔබේ පුත්‍රයන්ට විවාහ කර දෙන්නම්.+ 10  ඔබ අප සමඟ ජීවත් වෙන්න. දේශයේ ඕනෑම තැනක නිදහසේ ජීවත් වෙන්න ඔබට අවසර තියෙනවා. වෙළඳාම් කටයුතු කරමින් මේ දේශයේම පදිංචි වෙන්න.”+ 11  එවිට ෂීකෙම් දීනාගේ පියාටද ඇගේ සහෝදරයන්ටද මෙසේ කීවේය. “අනේ, මට කරුණාවෙන් සලකන්න කියා මම ඔබෙන් ඉල්ලනවා. ඔබ මගෙන් ඉල්ලන ඕනෑම දෙයක් මම දෙන්නම්. 12  ඇය වෙනුවෙන් ඕනෑම මුදල් ප්‍රමාණයක්, ඕනෑම තෑග්ගක් මම දෙන්න සූදානම්.+ මගේ බිරිඳ හැටියට මේ තරුණියව විතරක් මට දෙන්න.” 13  ඔවුන්ගේ සහෝදරිය වන දීනාව ෂීකෙම් දූෂණය කළ බැවින් යාකොබ්ගේ පුත්‍රයෝ ඔහුටත් ඔහුගේ පියාටත් කූට ලෙස උත්තර දෙමින්,+ 14  මෙසේ කීවෝය. “චර්මච්ඡේදනය නොකළ කෙනෙකුට අපේ සහෝදරියව විවාහ කර දෙන්න කොහෙත්ම බැහැ.+ එය අපට නින්දාවක්. 15  ඔබේ ඉල්ලීමට අපි එකඟ වෙන්නේ, ඔබ සමඟ ඉන්න සියලුම පුරුෂයන් අපි වගේම චර්මච්ඡේදනය කරගත්තොත් විතරයි.+ 16  එහෙම කළොත් අපේ දූවරුන්ව ඔබට දෙන්නම්. අපිත් ඔබේ දූවරුන්ව විවාහ කරගෙන මේ දේශයේ පදිංචි වී ඔබත් එක්ක එක සෙනඟක් ලෙස ජීවත් වෙන්නම්.+ 17  එහෙත් අපි කියන විදිහට ඔබ චර්මච්ඡේදනය කරගන්න අකමැති නම් අපේ සහෝදරියව රැගෙන අපි මෙහෙන් යනවා.” 18  ඔවුන් කී දේට හාමෝර්ද හාමෝර්ගේ පුතා වන ෂීකෙම්ද එකඟ වූහ.+ 19  තරුණයා යාකොබ්ගේ දුවට ඇත්තෙන්ම ප්‍රිය කළේය. ඒ වගේම ඔහු තම පියාගේ නිවසේ සියල්ලන්ට වඩා+ ගෞරවාන්විත කෙනෙකු විය.+ ඒ නිසා ඔවුන් කී දේ ඉටු කරන්න ඔහු ප්‍රමාද නොවීය.+ 20  හාමෝර් සහ ඔහුගේ පුත්‍රයා වන ෂීකෙම් ඔවුන්ගේ නුවර දොරටුව අසලට ගොස් නුවරේ පුරුෂයන්ට මෙසේ කීවෝය.+ 21  “මේ මිනිස්සු අපි සමඟ සමාදානයෙන් ඉන්න කැමතියි.+ ඔවුන්ට මේ දේශයේ ජීවත් වෙන්නත් වෙළඳාම් කරන්නත් අපි ඉඩ දෙමු. ඔවුන්ටත් දේශයේ ඇති තරම් ඉඩකඩ තිබෙනවා.+ ඔවුන්ගේ දූවරුන්ව විවාහ කරගන්නත් අපේ දූවරුන්ව ඔවුන්ට විවාහ කර දෙන්නත් අපිට පුළුවන්.+ 22  නමුත් එක සෙනඟක් ලෙස අපත් සමඟ මෙහි ජීවත් වීමට එකඟ වෙන්නේ අපේ සියලුම පුරුෂයන් ඔවුන් මෙන් චර්මච්ඡේදනය කරගත්තොත් විතරයි.+ 23  අපි එහෙම කළොත් ඔවුන්ගේ දේපළ, ධනය හා ඔවුන්ගේ සත්ව සම්පත් අපිට අයිති කරගන්න පුළුවන්.+ අපත් සමඟ ජීවත් වෙන්න ඔවුන්ව කැමති කරවගන්න නම් අපි ඔවුන් කියන දේට එකඟ විය යුතුයි.”+ 24  එබැවින් නුවර දොරටුව ළඟින් යන එන සියලුදෙනාම හාමෝර්ටද ඔහුගේ පුත්‍රයා වන ෂීකෙම්ටද සවන් දුන්නෝය. එතැනින් යන එන සියලු පුරුෂයෝ චර්මච්ඡේදනය කරගත්හ. 25  තුන්වෙනි දවසේදී නුවරේ පුරුෂයෝ මහත් වේදනාවෙන් සිටියෝය.+ එවිට යාකොබ්ගේ පුතුන් දෙදෙනෙකු වන දීනාගේ+ සහෝදරයන් වූ සිමියොන් සහ ලෙවී+ තම තමන්ගේ කඩු රැගෙන නුවර වැසියන්ට නොදැනුවත්ව නුවරට ඇතුල් වී එහි සියලු පුරුෂයන්ට දරුණු ලෙස පහර දුන්නෝය.+ 26  ඔවුහු හාමෝර්ව සහ ඔහුගේ පුතා වන ෂීකෙම්වද කඩුවෙන් මරා දැමූහ.+ ඉන්පසු ඔවුහු දීනාව ෂීකෙම්ගේ නිවසින් රැගෙන ගියෝය.+ 27  යාකොබ්ගේ අනික් පුත්‍රයෝද නුවරට ඇතුල් වී දරුණු ලෙස තුවාල ලැබූ පුරුෂයන්ට පහර දී නුවර කොල්ල කෑවෝය. මන්ද ඔවුන්ගේ සහෝදරියව ඒ නුවරේදී දූෂණය කර තිබිණ.+ 28  ඔවුන්ගේ එළු බැටළු රැළවල්ද ගව රැළවල්ද බූරුවන්ද නුවරේ තිබූ දේවල්ද කෙත්වතුවල තිබූ දේවල්ද පැහැරගත්තෝය.+ 29  ඔවුන්ගේ කුඩා දරුවන්වද භාර්යාවන්වද වහලුන් මෙන් ගෙන යනු ලැබුවෝය. ඔවුන්ගේ නිවෙස්වල තිබූ සියල්ලද කොල්ල කනු ලැබුවෝය. ඔවුන්ට කිසිම දෙයක් ඉතුරු නොකර ඔවුහු පිටත්ව ගියෝය.+ 30  පසුව සිමියොන්ව සහ ලෙවීව+ අමතමින් යාකොබ් මෙසේ කීවේය. “ඔබ කළ මේ දේ නිසා දේශයේ ජීවත් වන කානානිවරු සහ පෙරිස්සිවරු මාව පිළිකුල් කරයි.+ මා සමඟ ඉන්නේ සුළු පිරිසක්.+ ඒ නිසා ඔවුන් දැන් එකතු වී මට පහර දී මාව මේ දේශයෙන් පන්නා දමයි. මාත් මගේ පවුලේ සියලුදෙනාත් එකට විනාශ වී යයි.” 31  එවිට ඔවුහු තම පියාට මෙසේ කීවෝය. “කාටවත් අයිතියක් තියෙනවාද අපේ සහෝදරියව ගණිකාවක් ලෙස සලකන්න?”+

පාදසටහන්