උත්පත්ති 23:1-20

23  සාරා අවුරුදු එකසිය විසිහතක් ජීවත් වී මිය ගියාය.+  කානාන්+ දේශයේ හෙබ්‍රොන්+ ලෙසත් හැඳින්වෙන කිර්යත්-අර්බා+ නම් නුවරේදී ඇය මිය ගියාය. මිය ගිය සාරා ළඟට ගොස් ආබ්‍රහම් හඬා වැලපුණේය.  ඉන්පසු ආබ්‍රහම් තම බිරිඳගේ මළ සිරුර තිබූ තැනින් නැඟිට හෙත්ගේ+ පුත්‍රයන් වෙතට ගොස් මෙසේ කීවේය.  “මම ඔබ අතරේ ජීවත් වන විදේශිකයෙක්.+ මගේ බිරිඳගේ මළ සිරුර තැන්පත් කරන්න සොහොන් බිමක් මට මිලට දෙන්න.”+  එවිට හෙත්ගේ පුත්‍රයෝ ආබ්‍රහම්ට උත්තර දෙමින් මෙසේ කීවෝය.  “මාගේ ස්වාමීනි,+ ඔබ අපි අතරේ දෙවි පත් කළ අධිපතියෙක් වගේ.+ ඔබේ බිරිඳගේ මළ සිරුර තැන්පත් කරන්න අපේ සොහොන් බිම්වලින් හොඳම එක තෝරාගන්න.+ ඔබ ඕනෑම සොහොන් බිමක් ඉල්ලන්න. අපි ඔබට එය නොදී ඉන්නේ නැහැ.”+  එවිට ආබ්‍රහම් නැඟිට දේශයේ වැසියන් වන හෙත්ගේ+ පුත්‍රයන් ඉදිරියේ හිස නමා,+  ඔවුන්ට මෙසේ කීවේය. “මගේ බිරිඳගේ මළ සිරුර මේ ප්‍රදේශයේ තැන්පත් කරනවාට ඔබ කැමති නම් ෂෝහර්ගේ පුත් එෆ්‍රොන්ගෙන්+ මේ ඉල්ලීම කරන්න.  එෆ්‍රොන්ගේ ඉඩම කෙළවරේ තිබෙන මක්පේලාහි+ ගුහාව ඔහුගෙන් ඉල්ලා දෙන්න. මම ඔබ සියලුදෙනා ඉදිරියේ ඒ සොහොන් බිමේ වටිනාකමට සරිලන රිදී ප්‍රමාණය දී ඔහුගෙන් එය මිල දී ගන්නම්.”+ 10  ඒ අවස්ථාවේදී එෆ්‍රොන්ද හෙත්ගේ පුත්‍රයන් සමඟ හිඳගෙන සිටියේය. එබැවින් හිත්තීවරයෙකු වූ එෆ්‍රොන්,+ හෙත්ගේ පුත්‍රයන්ට හා නුවර දොරටුවෙන් ඇතුල් වන සියල්ලන්ට ඇසෙන සේ ආබ්‍රහම්ට මෙසේ කීවේය.+ 11  “මාගේ ස්වාමීනි, ගුහාවත් සමඟ ඒ මුළු ඉඩමම මම ඔබට දෙන්නම්. මෙතැන රැස්ව සිටින මගේ නෑදෑයන් ඉදිරියේ මම එය ඔබට දෙන්නම්.+ ඔබේ බිරිඳගේ මළ සිරුර එහි තැන්පත් කරන්න.” 12  එවිට ආබ්‍රහම් දේශයේ වැසියන් ඉදිරියේ හිස නමා, 13  ඔවුන් සියලුදෙනාට ඇසෙන සේ එෆ්‍රොන්ට මෙසේ කීවේය. “මා කියන දේ අහන්න! ඉඩමේ වටිනාකමට සරිලන රිදී ප්‍රමාණය මම ඔබට දෙන්නම්. ඒක ගන්න.+ එවිට මගේ බිරිඳගේ මළ සිරුර එහි තැන්පත් කරන්න මට පුළුවන්.” 14  එවිට එෆ්‍රොන් ආබ්‍රහම්ට මෙසේ උත්තර දුන්නේය. 15  “මාගේ ස්වාමීනි, මේ අහන්න. ඉඩමේ වටිනාකම රිදී ෂෙකෙල්* හාරසියයක්. එය අප දෙදෙනාට එතරම් මුදලක් නොවෙයි. ඔබ ගොස් ඔබේ බිරිඳගේ මළ සිරුර එහි තැන්පත් කරන්න.”+ 16  ආබ්‍රහම් එෆ්‍රොන් කියූ දේට එකඟ විය. ඉන්පසු ඔහු හෙත්ගේ පුත්‍රයන් ඉදිරියේ සඳහන් කළ රිදී ප්‍රමාණය කිරා එෆ්‍රොන්ට දුන්නේය. සම්මත බරට අනුව සෑදූ රිදී ෂෙකෙල් හාරසියයක් ආබ්‍රහම් කිරා දුන්නේය.+ 17  මෙලෙස, මම්රේට ඉදිරියෙන් පිහිටි මක්පේලාහි තිබූ එෆ්‍රොන්ගේ ඉඩම, එහි තිබූ ගුහාව සහ ඉඩමේ සියලු මායිම්වලට ඇතුළතින් තිබූ ගස්+ ආබ්‍රහම්ට අයිති බව ස්ථිර කරනු ලැබීය.+ 18  හෙත්ගේ පුත්‍රයන්ටත් නුවර දොරටුව ළඟ සිටි සියලුදෙනාටත් පෙනෙන සේ ආබ්‍රහම් එම ඉඩම මිල දී ගත්තේය.+ 19  ඉන්පසුව ආබ්‍රහම්, කානාන් දේශයේ හෙබ්‍රොන්හි එනම්, මම්රේට ඉදිරියෙන් පිහිටි මක්පේලා නම් ඉඩමේ තිබූ ගුහාව තුළ තම බිරිඳ වූ සාරාව තැන්පත් කළේය.+ 20  මෙසේ, සොහොන් බිමක් ලෙස භාවිත කිරීමට ගත් ඉඩමද එහි තිබූ ගුහාවද ආබ්‍රහම්ට අයිති බව හෙත්ගේ පුත්‍රයන් විසින් ස්ථිර කරනු ලැබීය.+

පාදසටහන්

ෂෙකෙලයක් යනු ග්‍රෑම් 11.4කි.