Skip to content

කාමාතුරයන්ගෙන් දරුවන්ව රැකගන්න යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් දෙමව්පියන්ව හා දරුවන්ව දැනුවත් කරයි

කාමාතුරයන්ගෙන් දරුවන්ව රැකගන්න යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් දෙමව්පියන්ව හා දරුවන්ව දැනුවත් කරයි

දරුවන්ට ආදරය කරන්න, මඟ පෙන්වීම් දෙන්න, ආරක්ෂාව දෙන්න කියලත් ඔවුන්ව දෙවියන් දුන්න තෑග්ගක් හැටියට සලකන්න කියලත් දෙමව්පියන්ට බයිබලයේ උපදෙස් දීලා තියෙනවා. (ගීතාවලිය 127:3; හිතෝපදේශ 1:8; එෆීස 6:1-4) ලොකුම අනතුරුවලින් එකක් තමයි දරුවන්ව ලිංගික අතවරවලට ලක් වෙන එක. ඒ අනතුරෙන් දරුවන්ව රැකගන්න දෙමව්පියන් වගබලා ගන්න ඕනේ.

පවුල් බැඳීම් ශක්තිමත් කරගන්න විදිහ ගැන තොරතුරු ඇතුළත් පොත් පත් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් අවුරුදු ගණනාවක් තිස්සේ බෙදාහැරලා තියෙනවා. ඒ වගේම දරුවන්ව ලිංගික අතවරවලින් රැකගන්න විදිහ ගැන දෙමව්පියන්ට ප්‍රයෝජනවත් තොරතුරුත් කාමාතුරයන්ගෙන් ආරක්ෂා වෙන විදිහ ගැන දරුවන්ව දැනුවත් කරන තොරතුරුත් ලබා දීලා තියෙනවා. මේ කාරණා ගැන යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් පළ කරපු නිශ්චිත මඟ පෙන්වීම් ඇතුළත් පොත් පත් කීපයකුත් ඒ පොත් පත් නිකුත් කරපු පිටපත් ගණන හා භාෂා ගණනත් පහත සඳහන් කරලා තියෙනවා. *

කාමාතුරයන්ගේ අතවරවලින් දරුවන්ව රැකගන්න යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් නොකඩවාම දෙමව්පියන්ව හා දරුවන්ව දැනුවත් කරනවා.

^ 3 ඡේ. නිකුත් කළ දින ඉංග්‍රීසි පිටපත්වලට අදාළයි.