Skip to content

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්

භාෂාව තෝරන්න සිංහල

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ට මුදල් ලැබෙන්නේ කොහෙන්ද?

ශුභාරංචිය ප්‍රකාශ කරන්න අපිට අවශ්‍ය මුදල් සම්මාදම් කරන්නේ අපේ සංවිධානයේ ඉන්න අයමයි. අපේ නමස්කාර මධ්‍යස්ථානවලට එන අයගෙන් කිසිම මුදලක් එකතු කරන්නේ නැහැ. කිසි කෙනෙක් දහයෙන් කොටසක් දෙන්න අවශ්‍ය නැහැ. (මතෙව් 10:7, 8) අපේ නමස්කාර මධ්‍යස්ථානවල සම්මාදම් පෙට්ටි තියෙනවා. කැමති කෙනෙකුට කැමති මුදලක් දාන්න පුළුවන්. මුදල් දැම්මේ කවුද කියලා දැනුම් දෙන්නේ නැහැ.

වැටුප් ලබන පූජක කොටසක් අපිට නැති නිසා අපිට ලැබෙන මුදල් ප්‍රමාණවත්. ඒවගේම ගෙයින් ගෙට ශුභාරංචිය ප්‍රකාශ කරන සාක්ෂිකරුවන්ට ඒ වෙනුවෙන් ගෙවීමක් කරන්නේ නැහැ. අපේ නමස්කාර මධ්‍යස්ථාන ඉතා චාම් විදිහට සාදා තිබීමත් වියදම් අඩු වීමට හේතුවක්.

අපිට ලැබෙන සෑම පරිත්‍යාගයක්ම වැය කරන්නේ ස්වාභාවික විපත්වලින් පීඩා විඳින අයට උපකාර කරන්න, වෙනත් ප්‍රදේශවලට හෝ රටවලට ගිහිල්ලා සේවය කරන අයගේ වියදම් පියවන්න, දුප්පත් රටවල නමස්කාර මධ්‍යස්ථාන ඉදි කරන්න, බයිබල් හා ඒ මත පදනම් ප්‍රකාශන මුද්‍රණය කරන්න සහ ප්‍රවාහණය කරන්නයි.

නමස්කාර මධ්‍යස්ථානයේ වියදම් වෙනුවෙන් හෝ ලෝක ව්‍යාප්තව සිදු කරන ශුභාරංචිය ප්‍රකාශ කිරීමේ කාර්යය වෙනුවෙන් යම් මුදලක් ලබා දෙනවාද නැද්ද කියලා අදාළ පුද්ගලයාට තීරණය කරන්න පුළුවන්. ගිණුම් වාර්තාවක් සෑම මසකම සෑම නමස්කාර මධ්‍යස්ථානයක දැන්වීම් පුවරුවේ දමනවා.