හොඳ බැඳීම්
මිතුරුකම් ඇති කරගැනීම
ජීවිතයට එළියක් - පවුල් බැඳීම් සහ මිතුදම්
අනිත් අයත් එක්ක කිට්ටු බැඳීමක් පවත්වගන්න නම් එයාලගෙන් දේවල් බලාපොරොත්තු වෙනවා වෙනුවට එයාලා වෙනුවෙන් කරන්න පුළුවන් දේවල් ගැන හිතන්න ඕනේ.
ඔබ හොඳ යාළුවෙක්ද?
හොඳ මිතුරන්ව ඇති කරගන්න කවුරුත් ආසයි. ඔබට හොඳ යාළුවෙක් වෙන්න පුළුවන් කොහොමද? ඒ සඳහා බයිබලයේ දී තිබෙන මඟ පෙන්වීම් දැනගන්න.
හොඳ යාළුවෙක් කියන්නේ කාටද?
හොඳ නැති යාළුවෝ නම් ඕන තරම් ඉන්නවා. එත් හොඳ යාළුවෙක් හොයාගන්නේ කොහොමද?
නොබිඳෙන මිතුදමක් ඇති කරගන්නේ කොහොමද?
නොබිඳෙන මිතුදමක් ඇති කරගන්න උදව් වෙන කාරණා 4ක් බලන්න.
ඔයා ආශ්‍රය කරන්නේ එකම යාළුවෝ කට්ටියක්වද?
ඔයා සාමාන්‍යයෙන් ආශ්‍රය කරන්නේ එකම යාළුවෝ කට්ටියක්වද? අලුත් යාළුවෝ ඇති කරගන්න එකේ ප්‍රයෝජන තියෙනවාද?
තනිකම
තනිකමෙන් ගොඩ එන්න - හොඳ යාළුවෝ හොයාගන්න
හොඳ යාළුවෝ නිසා සතුට ලැබෙනවා වගේම තනිකමත් නැති වෙනවා.
ඇයි මට යාළුවෝ නැත්තේ?
තනිකම දැනෙන්නෙත් යාළුවෝ නැත්තෙත් ඔයාට විතරක් නෙමෙයි. ඒ වගේ හිටපු අය ඒකෙන් මිදුණේ කොහොමද කියලා දැනගන්න.
අනිත් අය මට කැමති නැත්නම් මොකද කරන්නේ?
වැඩියෙන්ම වටින්නේ හොඳ ප්‍රතිපත්තිවලට එකඟව ජීවත් වෙන්නේ නැති අයව සතුටු කරන එකද නැත්නම් ඔයා හරියි කියලා විශ්වාස කරන දේට එකඟව ජීවත් වෙන එකද?
ඔයාටත් තනිකමක් දැනෙනවාද?
දැඩි ලෙස තනිකමක් දැනෙන එක සෞඛ්‍යයට හානිකරයි. ඒක හරියට දවසකට සිගරට් 15ක් බිව්වම වෙන හානිය වගෙයි. ඒකෙන් මිදෙන්න කරන්න පුළුවන් මොනවාද?
ලොවම වෙළාගත්ත තනිකම - ඒක දරාගන්නේ කොහොමද?
තනිකම දරාගන්න උදව් වෙන බයිබල් ප්‍රතිපත්ති දෙකක් බලන්න.
තනිකම තනි රකිද්දී - ඒ ගැන බයිබලයේ කියන්නේ මොකක්ද?
තනිකමෙන් පාළුවෙන් ඉන්න අයට සතුට හොයාගන්න පුළුවන් කොහොමද කියලා දැනගන්න.
තනිකම මිතුදමින් පරදන්න බයිබලයෙන් උදව්
තනිකම එක්ක සටන් කරන්න ඔයාට උදව් වෙන බයිබල් ප්‍රතිපත්ති දෙකක් බලන්න.
අනිත් අයට උදව් කරලා තනිකම පරදන්න - ඒ ගැන බයිබලයේ කියන්නේ මොකක්ද?
අනිත් අයට උදව් කරලා ඔයාගේ සටන ජයගන්න උදව් වෙන පැති දෙකක් ගැන දැනගන්න.
පණිවිඩ හුවමාරුව
රස්සාවේ වැඩ ගෙදර ගේන්න එපා
සැමියාට/බිරිඳට දෙන්න ඕනෙ කාලේ රස්සාවට දෙන්නේ නැතුව ඉන්න උදව් වෙන යෝජනා 5ක්.
තාක්ෂණයට වහල් වෙන්න එපා
ෆෝන් ටැබ් වගේ තාක්ෂණික උපකරණ විවාහ බැඳීමට ගොඩක් ප්‍රයෝජනවත් වෙන්න පුළුවන්. ඒත් ඒවා හානිදායක වන අවස්ථාත් තියෙනවා. ඔයාගේ විවාහයට ඒකෙන් ඇතිවෙන බලපෑම කොයි වගේද?
ඔන්ලයින් ෆොටෝ ෂෙයාරින් ගැන මං දැනගන්න ඕනෙ මොනවාද?
ඔයා ආසම කරන ෆොටෝ ඔන්ලයින් දාන එකෙන් ඔයාගේ යාළුවෝ එක්ක, පවුලේ අය එක්ක කිට්ටු බැඳීමක් තියාගන්න පුළුවන්. ඒත් ඒකේ අනතුරුත් තියෙනවා.
මිතුරු සමාජ වෙබ් අඩවි - බලාගෙනයි!
ඔන්ලයින් යාළුවන් එක්ක සතුටු වෙන්න. ඒත් බලාගෙනයි.
මෙසේජස් යවන්න කලින් හිතන්න ඕනේ ඇයි?
SMS නිසා යාළුකම් නැති වෙන්නත් නම කැත වෙන්නත් පුළුවන්. ඒ කොහොමද කියලා දැනගන්න.
මෙසේජ් යවන්නත් වෙලාවක් කලාවක් තියෙනවාද?
කතා කර කර ඉද්දී ටිකකට නවත්වලා මෙසේජ් එක බලන එක හරිද? මෙසේජ් එක ගණන් නොගෙන කතා කරන එක හරිද?
මතගැටුම් විසඳාගැනීම
මම සමාව ඉල්ලන්න ඕනෙමද?
සම්පූර්ණ වරදම ඔයාගේ නෙමෙයි කියලා ඔයාට හිතුණත් “මට සමාවෙන්න” කියලා කියන්න තියෙන හොඳ හේතු තුනක් දැනගන්න.
කේන්ති ගන්න එක ගැන බයිබලයේ කියන්නේ මොනවාද?
කේන්ති යන්න සාධාරණ හේතුවක් තියෙන්න පුළුවන්ද? කේන්තියක් ඇති වෙද්දී මොනවාද කරන්න ඕනේ?
සමඟියෙන් ජීවත් වෙන්න නම් . . .
කලින් සතුරන්ව සිටි අයට සමාදාන වෙන්නත් මිතුරන් වෙන්නත් බයිබලයේ මඟ පෙන්වීම් උපකාරවත් වෙලා තියෙනවා.
සමාව දෙනවා කියන එකෙන් අදහස් කරන්නේ මොකක්ද?
සමාව දෙන්න උදව් වෙන පියවර 5ක් බයිබලයේ තියෙනවා.
සමාව දෙන්නේ කොහොමද?
සමාව දෙන්න මෙච්චර අමාරු ඇයි? බයිබලේ ඇති උපදෙස මේ සඳහා උදව් වෙන්නේ කොහොමද කියලා දැනගන්න.
සැබෑ සතුටට මඟ - සමාව දීම
අමනාපය හිතේ තියාගෙන ඉන්න කෙනෙක්ට සතුටින් ඉන්න බැහැ. ඒක එයාගේ සෞඛ්‍යයටත් බලපානවා.
Prejudice and Discrimination
භේද වයිරසය ඔයාටත් හැදුණාද?
භේද වයිරසය අත්තා මුත්තා කාලේ ඉඳන්ම තියෙන ලෙඩක්. ඒක හදාගන්නේ නැතුව ඉන්න උදව් වෙන දේවල් ගැන බයිබලයේ තියෙනවා.
ලොවම වෙළාගත් ගැටලුවක්!
කෙනෙක් තවත් කෙනෙක්ව පහත් කරලා සලකන්නේ ඇයි? එය ලොවම වෙළාගත් ගැටලුවක් කියලා කියන්නේ ඇයි?
අනිත් අයව පහත් කරලා සලකන එක ඔයාටත් බෝ වෙලාද?
අපි අනිත් අයව පහත් කරනවා කියලා තේරුම්ගන්න අපිටම උදව් වෙන දේවල් මොනවාද?
විවිධත්වයට ගරු කරන එක ගැන බයිබලයේ කියන්නේ මොකක්ද?
සාමය ඇති කරගන්න විදිහ ගැන, හැම කෙනෙක්ටම ගෞරවයෙන් සලකන විදිහ ගැන බයිබලයේ කියන දේ මේ බයිබල් පදවල පෙන්නනවා.
ජාතිවාදය ගැන බයිබලයේ සඳහන් වෙන්නේ කුමක්ද?
එක් ජාතියක් තවත් ජාතියකට වඩා උසස්ද? ජාතිවාදය කවදා හරි අවසන් වෙයිද?
වෛරයේ ගිනිදලු නිවලා දාන්න පුළුවන් කොහොමද? - හැමෝටම එක වගේ සලකන්න
දෙවියන් වගේ හැමෝටම එක විදිහට සලකනවා නම් හිතේ තියෙන වෛරය අයින් කරගන්න අපිට පුළුවන්.
අනිත් අයව පහත් කරලා සැලකීම - අලුත් යාළුවන්ව ඇති කරගන්න
ඔයාට වඩා හුඟක් පැතිවලින් වෙනස් අයව යාළුවන් කරගන්න එකෙන් ලැබෙන ප්‍රයෝජන දැනගන්න.
ජාති භේද නැති ලොවක් සිහිනයක්ද? - ඒ ගැන බයිබලයේ කියන්නේ මොකක්ද?
අදත් මිලියන ගාණක් දෙනා අනිත් අයට ගරුසරු ඇතුව සලකන්නේ කොහොමද කියලා බයිබලෙන් ඉගෙනගන්නවා.
හැමෝම හැමෝටම එක වගේ සලකන දිනක්!
වෙන ජාතියකට අයිති කෙනෙක් ගැන තිබුණු වැරදි සිතුවිලි නිවැරදි කරගන්න බයිබලය උදව් වුණු විදිහට පෙන්නන සැබෑ අද්දැකීම්. ජාතිවාදයට එකම විසඳුම කුමක්ද?
වෛරය පරදා ප්‍රේමය ජය ගනියිද?
ජාතිවාදී හැඟීම් මුල් බැහැගත්ත පරිසරයක හැදුණු කෙනෙක්ට වෙනත් ජාතියකට අයිති අයට ආදරයෙන් සලකන එක ලේසි නැහැ. ඒ වගේ පරිසරයක හැදුණු දෙන්නෙක් වෙනස් වුණ විදිහ දැනගන්න.
මං යුක්තිය වෙනුවෙන් සටන් කළා
රෆිකා යුක්තිය වෙනුවෙන් සටන් කරන කණ්ඩායමකට බැඳුණා. ඒත් දේවරාජ්‍යය මාර්ගයෙන් හැමෝටම යුක්තිය ඉටු කරනවා කියලා දෙවි වුණ පොරොන්දුව බයිබලේ ඉගෙනගද්දී එයා දැනගත්තා.

