Skip to content

නිර්මාණයක්ද?

කම්පනය දරාගන්න ජම්බෝල ලෙල්ලට ඇති හැකියාව

කම්පනය දරාගන්න ජම්බෝල ලෙල්ලට ඇති හැකියාව

 ජම්බෝල කියන්නේ පැඟිරි කුලයට අයිති පලතුරක්. ගස්වල හැදෙන ඒ පලතුර මීටර් 10කට වඩා උසකින් බිම වැටුණත් ඒකට කිසිම හානියක් වෙන්නේ නැහැ. ඒ තරම් කම්පනයක් දරාගන්න ඒ පලතුරට පුළුවන් කොහොමද?

 මේ ගැන හිතන්න: පර්යේෂකයන් හොයාගෙන තියෙනවා ජම්බෝල ලෙල්ල ඇතුල් පැත්තේ තියෙන සුදු පාට ස්ථරය ස්පොන්ජියක් වගේ කියලා. ඒ ස්පොන්ජියේ සෛල අතර හිඩැස් තියෙනවා. පලතුර ඇතුළට යන්න යන්න සෛල අතර තියෙන හිඩැස් තව තව ලොකු වෙනවා. ඒ හිඩැස් පිරලා තියෙන්නේ වාතය නැත්නම් දියරයකින්. පලතුර බිමට වැටෙද්දී ඒ දියරය ක්‍රියා කරන්නේ හරියට කොට්ටයක් වගේ. ගෙඩිය වැටෙද්දී ලෙල්ල එකපාරට හයිය වෙන නිසා වැටෙද්දී ඇති වෙන කම්පනය ලෙල්ල උරාගන්නවා. ඒ නිසා ගෙඩියට කිසිම හානියක් වෙන්නේ නැහැ.

 විද්‍යාඥයන් ජම්බෝල ගෙඩියේ ලෙල්ල හැදිලා තියෙන විදිහ අනුකරණය කරලා කම්පනය දරාගන්න පුළුවන් ලෝහ ෆෝම් එකක් හදන්න අත්හදා බලනවා. ඒ ලෙල්ල හැදිලා තියෙන විදිහ අනුකරණය කරලා හෙල්මට් හදන්න, වාහනවල ආරක්ෂාව සඳහා දේවල් හදන්න, උල්කාපාතවලින් අභ්‍යාවකාශ මධ්‍යස්ථාන ආරක්ෂා කරගන්න අවශ්‍ය දේ හදන්න පුළුවන් කියලා විද්‍යාඥයන් විශ්වාස කරනවා.

 ඔයාගේ නිගමනය මොකක්ද? කම්පනය දරාගැනීමේ හැකියාව ජම්බෝල ලෙල්ලට ලැබුණේ පරිණාමයෙන්ද? නැත්නම් ඒක කාගේ හරි නිර්මාණයක්ද?