Skip to content

යොවුන් සිතේ ගැටලු

දෙමාපියන් දාලා තියෙන නීතියක් මගේ අතින් කැඩුණොත් මොකද කරන්නේ?

දෙමාපියන් දාලා තියෙන නීතියක් මගේ අතින් කැඩුණොත් මොකද කරන්නේ?

මේ විදිහට කළොත් ප්‍රශ්නේ දුරදිග යවන්නේ නැතුව විසඳගන්න පුළුවන්.

ඇත්ත කියන්න. බොරු කතා ගොතන්න එපා. ඒකෙන් වෙන්නේ දෙමාපියන්ට ඔයා ගැන තියෙන විශ්වාසය තවත් අඩු වෙන එකයි. ඒ නිසා වෙච්ච හැම දෙයක්ම කියන්න.—හිතෝපදේශ 28:13.

  • නිදහසට කරුණු කියන්න එපා. ඔයා අතින් වෙච්ච වරදේ බරපතළකම අඩු කරන්න හදන්නත් එපා.

  • බයිබලයේ කියන මේ දේ මතක තියාගන්න. “මෘදු පිළිතුරකින් කෝපය නිවී යයි. නමුත් සිත රිදවන වචනයකින් තරහ උපදවයි.”—හිතෝපදේශ 15:1.

සමාව ඉල්ලන්න. දෙමාපියන් එපා කියපු දෙයක් ඔයා කරපු නිසා එයාලා භය වුණා නම් නැත්නම් කලබල වුණා නම් ඒකට සමාව ඉල්ලන්න. සමහරවිට ඒකෙන් ඔයාට දෙන දඬුවම අඩු වෙන්න පුළුවන්. හැබැයි ඔයා සමාව ඉල්ලන්න ඕනේ අවංකව කියලා මතක තියාගන්න.

දඬුවම පිළිගන්න. ලැබෙන දඬුවම ඔයා පිළිගත්තොත් දෙමාපියන්ට තේරෙයි ඔයා වැඩිහිටියෙක් විදිහට හැසිරෙනවා කියලා. ඒ නිසා කරන්න පුළුවන් හොඳම දේ තමයි දෙමාපියන්ගේ විශ්වාසය ආපහු දිනාගන්න පුළුවන් විදිහට වැඩ කරන එක.—හිතෝපදේශ 20:11.

ඔයාට නීති දාන්න දෙමාපියන්ට අයිතියක් තියෙනවා. බයිබලයේ මෙහෙම කියන්නේ ඒ නිසයි. “ඔබේ පියාගේ ආඥාව පවත්වන්න. ඔබේ මවගේ උපදෙස්වලට පිටු නොපාන්න.”—හිතෝපදේශ 6:20.

ඔයාට තව ටිකක් නිදහස දෙනවට ඔයා කැමති නම්

  • දෙමාපියන්ගේ නීතිවලට කීකරු වෙලා එයාලගේ විශ්වාසය දිනාගන්න.

  • කීකරු කෙනෙක් විදිහට නමක් දිනාගන්න උත්සාහ කරන්න.