Skip to content

මගේ ගුරුවරයා මට වෙනස්කම් කරනවා

මගේ ගුරුවරයා මට වෙනස්කම් කරනවා

හිතන්න!

රේචල්ගේ අද්දැකීම සලකා බලන්න. රේචල් හැමදාම හොඳ ලකුණු ගත්ත ළමයෙක්. හැබැයි හතේ පන්තියට ගියාට පස්සේ එයාගේ ලකුණු අඩු වුණා. ඒ ගැන එයා මෙහෙම කියනවා. “මගේ ගුරුවරයා මගේ ලකුණු අඩු කරන්න පුළුවන් තරම් දේවල් කළා.” එයා එහෙම කළේ රේචල්ගේ ආගමට කැමති නැහැ කියලා රේචල්ටයි එයාගේ අම්මටයි දැනෙන්න සලස්වන්නයි.

අවබෝධය ලබාගන්න අපට උපකාර කරන්නේ ගුරුවරු. ඔවුන් දිය පාරකින් එගොඩ වීමට අතුරා ඇති ගල් හා සමානයි

ගැටලුව විසඳුණේ කොහොමද? රේචල් මෙහෙම කියනවා. “මගේ ආගම නිසා මගේ ලකුණු අඩු කරනවා කියලා දැනුණ හැම වෙලාවකම මගේ අම්මා ඇවිත් ගුරුවරයා එක්ක කතා කළා. අන්තිමේදී එයා මට නපුරුකම් කරන එක නතර කළා.”

ඔබත් එවැනි තත්වයකට මුහුණ දෙනවා නම්, දෙමව්පියන්ට ඒ ගැන කියන්න. ඒ අය ගුරුවරයා හෝ විදුහල්පති එක්ක කතා කරලා ඔයාට විසඳුමක් ලබා දෙයි.

හැම ගැටලුවක්ම විසඳෙන්නේ නැහැ. සමහර වෙලාවට ඒවා විඳදරාගන්න වෙයි. (රෝම 12:17, 18) “අපේ ගුරුවරයෙක්ට ළමයි එක්ක තිබුණේ පුදුම කේන්තියක්. එයා හරි නපුරුයි. මෝඩයා කියලත් අපිට බැණ්ණා. මුලදී දුක හිතුණත් පස්සේ ඒවා ගණන්ගන්නේ නැතුව ඉන්න මම පුරුදු වුණා. මගේ සම්පූර්ණ අවධානය ඉගෙනීමට දුන්න නිසා අන්තිමේදී එයා මට හිරිහැර කරන එක නතර කළා. පන්තියේ හොඳ ලකුණු ගත්ත කිහිපදෙනා අතර මමත් හිටියා. අවුරුදු දෙකකට පස්සේ ගුරුවරයාගේ රස්සාව නැති වුණා” කියලා ටාන්යා පවසනවා.

මේක හිතට ගන්න: හිත දිනාගන්න අමාරු ගුරුවරයෙක් එක්ක කටයුතු කරන්න ඉගෙනගත්තොත් ඒක ඔයාගේ ජීවිතයට ගොඩක් ප්‍රයෝජනවත්. පස්සේ කාලෙකදී ඔයා රස්සාවක් කරනකොට කටයුතු කරන්න අමාරු නිලධාරියෙක් එක්ක පෑහිලා වැඩ කරන්න ඔයාට පුළුවන් වෙයි. (1 පේතෘස් 2:18) ඒ වගේම හොඳ ගුරුවරුන්ව අගය කරන්නත් ඔයා ඉගෙනගනියි.