Skip to content

යොවුන් සිතේ ගැටලු

දෙමාපියන්ගේ නීතිවලට කීකරු වෙන්න ඕනේ ඇයි?

දෙමාපියන්ගේ නීතිවලට කීකරු වෙන්න ඕනේ ඇයි?

කීයට ගෙදර ආවත් ගෙදර අයට ප්‍රශ්නයක් නැති, ඕන කෙනෙක් එක්ක ඕන දිහාවක යන්න නිදහස තියෙන, කැමති ඕනම විදිහකට අඳින්න පුළුවන් යෞවන යෞවනියන්ව සමහරවිට ඔයා දන්නවා ඇති. ඒ අයට ඕන ඕන විදිහට දේවල් කරන්න පුළුවන් වෙලා ඇත්තේ එයාලගේ දෙමාපියන් එයාලා ගැන හොයලා බලන්නේ නැති නිසා වෙන්න පුළුවන්.

බයිබලයේ කියන්නේ දරුවන්ට ඕන ඕන විදිහට දේවල් කරන්න නිදහස දෙන එක ඥානවන්ත දෙයක් නෙමෙයි කියලයි. (හිතෝපදේශ 29:15) අද සමාජය මෙච්චර නරක අතට හැරිලා තියෙන්නෙත් පොඩි කාලේ ඉඳලා කිසි නීතියක් නැතුව හැදුණු හුඟදෙනෙක්, වැඩිහිටියන් වුණාට පස්සේ එයාලා කැමති කැමති විදිහට දේවල් කරන නිසයි.—2 තිමෝති 3:1-5.

ඒ නිසා අනිත් ළමයිට තරම් ඔයාට නිදහසක් නැහැ කියලා හිතලා දුක් වෙන්නේ නැතුව ගෙදරින් ඔයාට නීති දාලා තියෙන්නේ ඔයාට තියෙන ආදරේ නිසයි කියලා තේරුම්ගන්න. ඔයාට එහෙම නීති දාන එකෙන් ඔයාගේ දෙමාපියන් ආදර්ශයට ගන්නේ යෙහෝවා දෙවිවයි. යෙහෝවා දෙවියන් පුරාණයේ හිටපු ඔහුගේ සේවකයන්ටත් නීති දුන්නා. ඒ ගැන දෙවියන් කිව්ව දේ බයිබලයේ මෙහෙම තියෙනවා.

“ඔබ යා යුතු මාර්ගය ගැන මම ඔබට කියා දෙන්නෙමි. වටහාගැනීමේ හැකියාවද මම ඔබට ලබා දෙන්නෙමි. මම ඔබ දෙස හොඳින් බලා ඔබට අවවාද කරන්නෙමි.”—ගීතාවලිය 32:8.