Skip to content

යොවුන් සිතේ ගැටලු

දැන්ම බඳින්න පුළුවන්ද?

දැන්ම බඳින්න පුළුවන්ද?

ඒ ප්‍රශ්නෙට උත්තරේ දැනගන්න නම් ඔයා ඔයා ගැනම කල්පනා කරලා බලන්න ඕන පැති කීපයක් තියෙනවා.

බැඳීම්

ඔයාට ඔයාගේ අම්මයි, තාත්තයි, පවුලේ අනිත් අයයි එක්ක හොඳින් ඉන්න පුළුවන්ද? ඔයාට ඒගොල්ලෝ එක්ක නිතර කේන්ති යනවද? ඒ වගේ වෙලාවට ඒගොල්ලන්ගේ හිත පාරන විදිහට ඔයා කතා කරනවද? සැරෙන් බණිනවද? ඒ ප්‍රශ්න ඔයාගේ පවුලේ අයගෙන් ඇහුවොත් ඒගොල්ලෝ මොනවා කියයිද? ඒවා ගැන හිතලා බලන එක ගොඩක් වැදගත්. මොකද ඔයාගේ පවුලේ අයට ඔයා දැන් සලකන විදිහෙන් අනාගතයේදී ඔයා බඳින කෙනාට කොහොම සලකයිද කියලා පේනවා.—එෆීස 4:31.

ගතිගුණ

ඔයා හැම දෙයක් දිහාම හොඳ විදිහට බලන කෙනෙක්ද? නැත්නම් ඔයා දකින්නේ නරක පැත්ත විතරද? ඔයා අනිත් අයගේ අදහස්වලටත් සවන් දෙන කෙනෙක්ද? නැත්නම් නිතරම ඔයාට ඕන විදිහට දේවල් කරන්න හදනවද? ප්‍රශ්න මැද වුණත් ඔයාට සන්සුන්ව ඉන්න පුළුවන්ද? ඔයා ඉවසිලිවන්ත කෙනෙක්ද? දෙවිගේ උපකාරයෙන් ඔයා දැන් හොඳ ගතිගුණ ඇති කරගත්තොත් අනාගතයේ හොඳ විවාහ ජීවිතයක් ගත කරන්න ඒවා ඔයාට උදව් වෙයි.—ගලාති 5:22, 23.

මුදල්

ඔයා ඔහේ මුදල් වියදම් කරන කෙනෙක්ද? නැත්නම් හිතලා බලලා වියදම් කරන කෙනෙක්ද? ඔයා නිතරම ණය වෙනවාද? ඔයාට එක තැනක ජොබ් එකක් කරන්න පුළුවන්ද? බැරි නම් ඒ ඇයි? ජොබ් එකට අකමැති නිසාද? නැත්නම් බොස්ට ආස නැති නිසාද? ඔයා දැන් මුදල් හරියට පාවිච්චි කරන්න දන්නේ නැත්නම් පවුලක් වුණාට පස්සේ ඒක කරන්න පුළුවන් වෙයිද?—1 තිමෝති 5:8.

ආගම

ඔයා යෙහෝවා දෙවිට නමස්කාර කරන යෞවනයෙක් නම් දෙවිත් එක්ක කිට්ටු බැඳීමක් තියාගන්න ඔයා උත්සාහ කරනවාද? ඔයා බයිබලය කියවනවාද? දේවසේවයේ යනවාද? රැස්වීම්වලට හවුල් වෙනවාද? ඔයා ඒ වගේ කෙනෙක් නම් ඔයාව බඳින කෙනාට ඔයා වටිනා කෙනෙක් වෙයි.—දේශනාකාරයා 4:9, 10.

ඔයා ඔයාව හොඳින් තේරුම්ගත්තොත් තමයි ඔයාගේ දුර්වලකම් හදාගන්න, ඔයාගේ හොඳ ගතිගුණ තවත් වැඩි කරගන්න උදව් වෙන කෙනෙක්ව ඔයාට තෝරගන්න පුළුවන් වෙන්නේ.