Skip to content

තනිකම දරාගන්නේ කොහොමද?

තනිකම දරාගන්නේ කොහොමද?

ඔයාට කරන්න පුළුවන් දේ

1. ඔයාගේ හොඳ පැති දකින්න. (2 කොරින්ති 11:6) ඔයාගේ අඩුපාඩුකම් ගැන හිතන එකේ වරදක් නැහැ. හැබැයි ඔයාගේ හොඳ පැතිත් තියෙනවා කියලා අමතක කරන්න එපා. ඒ පැති ගැන හිතුවොත් තනිකමේ සිතුවිලි ජයගන්නත් නොවටිනා හැඟීම නැති කරගන්නත් ඔයාට පුළුවන්. ‘ඔයාගේ හොඳ පැති’ ගැනත් ඔයාගේ හැකියාවන් ගැනත් හිතන්න.

2. අනිත් අයව අඳුනගන්න ආසාවක් ඇති කරගන්න. මුලින්ම එක් කෙනෙක්ව හොඳට අඳුනගන්න. “කෙනෙක් ළඟට ගිහින් එයාගේ සැප සනීප කොහොමද, වැඩ කොහොමද කියලා අහන එකෙන් ඒ කෙනාව හොඳට අඳුනගන්න පුළුවන්.” යෞවනයෙක් වන හෝෂා

අනික් අය ඔයාගෙන් ඈත් වෙලා කියලා හැඟෙනවා නම් ඒගොල්ලන්ට කිට්ටු වෙන්න ඔයාට සමහර දේවල් කරන්න පුළුවන්

යෝජනාවක්: ඔයාට වඩා වැඩිමල් අයවත් අඳුනගන්න. බයිබලයේ සඳහන් වෙලා තියෙන කිට්ටු මිත්‍රත්වයන් තිබුණු සමහරක් අය අතරෙත් ලොකු වයස් පරතරයක් තිබුණා. රූත්, නායොමි; දාවිත්, යොනාතාන්; තිමෝති, පාවුල් ඒ අතරින් කිහිපදෙනෙක්. (රූත් 1:16, 17; 1 සාමුවෙ ල් 18:1; 1 කොරින්ති 4:17) අපි හැමෝම කැමතියි අනික් අය අපි කියන දේවල් අහගෙන ඉන්නවාට. ඒ නිසා තව කෙනෙක් එක්ක කතා කරද්දී ඒ කෙනාටත් කතා කරන්න ඉඩ දෙන්න. එයා කතා කරනකොට උනන්දුවෙන් අහගෙන ඉන්න.

3. අනිත් අය ගැන හිතන්න. (1 පේතෘස් 3:8) ඔයා කාත් එක්ක හරි කතා කරද්දී එයා කියන හැම දේටම ඔයා එකඟ වෙන එකක් නැහැ. ඒත් එයා කියන දේවල් හොඳින් අහගෙන ඉන්න. එකඟ වෙන්න පුළුවන් දෙයක් තියෙනවා නම් ඒ ගැන කතා කරන්න. ඔයා එකඟ නැති දෙයක් ගැන එයාට කියන්න ඕනේ කියලා හිතුණොත් එයාගේ හිත රිදෙන්නේ නැති විදිහට ඒක කියන්න.

මෙහෙම කරලා බලන්න: අනික් අය ඔයාට කතා කරනවාට කැමති විදිහට ඔයාත් ඒ අය එක්ක කතා කරන්න. ඔයා ඒ අයත් එක්ක හැම තිස්සෙම වාද කළොත්, හිත රිදෙන විදිහට විහිළු කළොත් නැත්නම් අපහාස කළොත් ඒගොල්ලන් නිකම්ම ඔයාගෙන් ඈත් වෙයි. හැබැයි ඔයා ‘කාරුණිකව කතා කළොත්’ ඒ අයගේ හිත දිනාගන්න ඔයාට පුළුවන් වෙයි.—කොලොස්සි 4:6.