Skip to content

ඉස්කෝලේ වැඩ හොඳට කරන්න පුළුවන් කොහොමද?

ඉස්කෝලේ වැඩ හොඳට කරන්න පුළුවන් කොහොමද?

ඔයාට කරන්න පුළුවන් දේ

හිතන විදිහ වෙනස් කරගන්න. සමහර වෙලාවට ඉස්කෝලේ වැඩ හොඳට කරන්න තරම් ඔයා දක්ෂ නැහැ කියලා හිතෙන්න පුළුවන්. එහෙම හිතලා මානසිකව වැටෙන්න එපා. මොකද ඔයාට හොඳට කරන්න පුළුවන් දේවලුත් තියෙනවා. උදාහරණයකට බයිබල් ලේඛකයෙක් වුණ පාවුල්ට, එයා කතා කරන්න දක්ෂ කෙනෙක් නෙවෙයි කියලා මිනිස්සු කිව්වාම එයා මෙහෙම කිව්වා. ‘මම කතා කිරීමට දක්ෂ කෙනෙක් නොවුණත් මම දැනුමෙන් අඩු කෙනෙකු නෙවෙයි.’ (2 කොරින්ති 10:10; 11:6) ඒකෙන් තේරෙන්නේ පාවුල් එයාගේ දුර්වලකම් වගේම එයාගේ දක්ෂතා මොනවද කියලත් තේරුම් අරන් හිටියා කියලයි. ඔයත් ඔයාගේ දක්ෂතා මොනවද කියලා තේරුම් අරන් ඉන්නවද? ඒවා මොනවද? ඔයා ඒවා දන්නේ නැත්නම් ඔයාට උදව් කරන වැඩිහිටියෙකුගෙන් ඒ ගැන අහන්න. එතකොට ඔයාගේ දක්ෂතා හඳුනාගෙන ඒවා දියුණු කරගන්න ඔයාට උදව් කරයි.

බර එසවීමෙන් මාංස පේශි ශක්තිමත් වෙනවා වගේ පාඩම් කරන්න පුරුද්දක් තියෙනවා නම් ඉස්කෝලේ වැඩ හොඳින් කරන්න පුළුවන්.

පාඩම් කරන්න පුරුදු වෙන්න. පාඩම් කරන්නේ නැතුව ඉස්කෝලේ වැඩ කොහොමටවත් කරන්න බැහැ. පාඩම් කරන එක හරි අමාරු දෙයක් වගේ පේන්න පුළුවන්. හැබැයි ඒකෙන් ප්‍රයෝජන ගොඩාක් ලැබෙනවා. මුලින් පොඩි උත්සාහයක් දරලා පාඩම් කරන්න පුරුදු වුණොත් ඒක දිගටම කරන්න ආස හිතෙයි. පාඩම් කරන්න පුරුදු වෙන්න නම් කාලය හොඳට පාවිච්චි කරන්න ඔයා ඉගෙනගන්න ඕනේ. බයිබලයේ කියනවා ‘සුළඟ හමයිද කියා කල්පනා කරන තැනැත්තා කිසිවිටෙක වපුරන්නේ නැහැ. වැස්ස වහීද කියා කල්පනා කරන තැනැත්තා අස්වැන්න නෙළාගන්නේ නැහැ’ කියලා. (දේශනාකාරයා 11:4) ඒකෙන් තේරෙන්නේ කරන්න ඕනේ දේ ඒ වෙලාවේ කෙරුවේ නැත්නම් ඒකෙන් පාඩුවක් වෙනවා කියලයි. බයිබලයේ මෙහෙමත් කියනවා. ‘සිනාසෙන්න කාලයක්ද නටන්න කාලයක්ද’ තියෙනවා කියලා. (දේශනාකාරයා 3:1, 4; 11:9, 4) ඒ නිසා පාඩම් වැඩවලට වගේම විනෝද වෙන්නත් ඔයාට කාලයක් වෙන් කරන්න පුළුවන්. හැබැයි ඔයා මූලික තැන දෙන්න ඕනේ පාඩම් වැඩවලට. ඊටපස්සේ තමයි සෙල්ලම ගැන හිතන්න ඕනේ. එතකොට දෙකම ඔයාට හොඳට කරන්න පුළුවන්.