Skip to content

මෙච්චර හෝම්වර්ක් කරන්නේ කොහොමද?

මෙච්චර හෝම්වර්ක් කරන්නේ කොහොමද?

ඔයාට කරන්න පුළුවන් දේ

පාඩම් කරන්න තැනක් තෝරගන්න. නිශ්ශබ්ද තැනක් නම් හොඳයි. පුළුවන් නම් මේසයක ඉඳගෙන පාඩම් කරන්න. TV එක දාන්න එපා.

කාලය හරියට වේගයෙන් දුවන අශ්වයෙක් වගේ. ඒක පාලනය කරන්න ඔයා ඉගෙනගන්න ඕනේ

වැදගත් දේට මුල් තැන දෙන්න. ඉස්කෝලේ වැඩ වැදගත් නිසා ඒවා ඉවර වෙනකල් වෙන දේවල් කරන්නේ නැහැ කියලා අධිෂ්ඨාන කරගන්න.

කල් දාන්න එපා. ගෙදර වැඩ කරන්න හොඳ කාලසටහනක් හදාගෙන ඒ විදිහටම වැඩ කරන්න.

සැලසුම් කරන්න. ඉස්කෝලෙන් දීපු වැඩවලින් ඔයා මුලින්ම කරන්නේ මොන එකද, ඊළඟට කරන්නේ මොන එකද කියලා පිළිවෙළට කොළයක ලියන්න. ඒ වගේම කොච්චර වෙලාවකින් ඉවර කරන්න තියෙනවද කියලත් කොළයක ලියන්න. කරලා ඉවර වුණාම ඒකට හරියක් දාන්න.

විවේකයක් ගන්න. එක දිගට ගෙදර වැඩ කරලා මනසට වෙහෙසක් දැනෙනවා නම් පොඩි විවේකයක් ගන්න. හැබැයි පුළුවන් තරම් ඉක්මනින් ආයෙත් වැඩ පටන්ගන්න.

ඔයාට බැහැ කියලා හිතන්න එපා. ඕනෙම කෙනෙක් කැප වීමෙන්, උනන්දුවෙන් ඉස්කෝලේ වැඩ කරනවා නම් එයාට හොඳ ශිෂ්‍යයෙක් වෙන්න පුළුවන්. (හිතෝපදේශ 10:4) ඒ නිසා ඔයත් ඔයාගේ උපරිමය කළොත් හොඳ ප්‍රතිඵල ලැබෙයි.