Skip to content

Skip to secondary menu

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්

සිංහල

යේසුස්ට දෙවියන්ගේ පුත්‍රයා කියන්නේ ඇයි?

බයිබලයේ ඒ ගැන කියන දේ

දෙවියන් තමයි හැම දෙයක්ම හැදුවේ. (එළිදරව් 4:11) මුල්ම මිනිසා වන ආදම් ගැන බයිබලයේ කියන්නේ මෙහෙමයි. “ආදම්ගේ පියා දෙවිය.” (ලූක් 3:38) යේසුස්වත් නිර්මාණය කළේ දෙවියන් කියලා බයිබලයේ සඳහන් වෙනවා. ඒ නිසා ඔහුවත් “දෙවිගේ පුත්‍රයා” කියලා හඳුන්වනවා.—යොහන් 1:49.

දෙවියන් ආදම්ව නිර්මාණය කරන්න කලින් යේසුස්ව නිර්මාණය කළා. යේසුස්ගැන ඔහුගේ නියෝජිතයෙක් වුණ පාවුල් ලිව්වේ මෙහෙමයි. “නොපෙනෙන දෙවිගේ සැබෑ ස්වභාවය පිළිබිඹු වන්නේ ඔහු තුළින්ය. දෙවිගේ කුලුඳුල් නිර්මාණය ඔහුය.” (කොලොස්සි 1:15) යේසුස්ගේ ජීවිතය ආරම්භ වුණේ බෙත්ලෙහෙමේ ගව මඩුවක නෙවෙයි. බයිබලයේ කියන්නේ “ඔහුගේ පටන්ගැන්ම ඈත අතීතයට දිව යයි” කියලයි. (මීකා 5:2) යේසුස් මේ පොළොවේ ඉපදෙන්න කලින් දෙවියන්ගේ කුලුඳුල් නිර්මාණය හැටියට ස්වර්ගයේ ජීවත් වුණා. ‘මම ආවේ ස්වර්ගයෙන්’ කියලා යේසුස්ම කිව්වා.—යොහන් 6:38; 8:23.