Skip to content

පාතාලය කියන්නේ මොකක්ද? මැරුණු අය සදහටම වධ විඳින ස්ථානයක්ද?

පාතාලය කියන්නේ මොකක්ද? මැරුණු අය සදහටම වධ විඳින ස්ථානයක්ද?

බයිබලයේ ඒ ගැන කියන දේ

මිය ගිය කෙනෙකුගේ තත්වය විස්තර කරන්න හෙබ්‍රෙව් භාෂාවෙන් පාවිච්චි කරපු “ෂෙයෝලය” කියන වචනය හා ග්‍රීක භාෂාවෙන් පාවිච්චි කරපු “හේදීසය” කියන වචනය සමහර සිංහල බයිබල්වල පරිවර්තනය කරලා තියෙන්නේ “පාතාලය” කියලයි. (ගීතාවලිය 16:10; ක්‍රියා 2:27; ‘නව අනුවාදය’) ඒ නිසා හුඟක් අය හිතනවා “පාතාලය” කියන්නේ මේ පින්තූරයේ තියෙනවා වගේ මැරුණු අය පිච්චි පිච්චි දුක් විඳින තැනක් කියලා. ඒත් බයිබලයේ නම් කියන්නේ මෙහෙමයි.

  1. මැරුණු අයට මුකුත් දැනෙන්නේ නැති නිසා කිසි වේදනාවක් දැනෙන්නෙත් නැහැ. “මිනී වළේදී කිසි වැඩක් කරන්නවත් කිසි දෙයක් ගැන කල්පනා කරන්නවත් ඔබට නොහැක. එහි දැනුමද ප්‍රඥාවද නැත.”—දේශනාකාරයා 9:10.

  2. හොඳ අයත් පාතාලයට යනවා. දෙවියන්ට විශ්වාසවන්තව හිටපු යෝබ් පීඩාවලට මුහුණ දෙද්දී දෙවියන්ගෙන් ඉල්ලුවා එයාව පාතාල ලෝකයට දාන්න කියලා.—යෝබ් 14:13.

  3. පාපයට දෙවියන් නියම කරපු දඬුවම මරණය මිසක් ගින්නෙන් වධ විඳින එක නෙමෙයි. ‘මිය ගිය පුද්ගලයා තම පාපයෙන් නිදහස් වී ඇත.’—රෝම 6:7.

  4. දෙවියන් යුක්තිගරුක කෙනෙක් නිසා මිනිසුන්ට කවදාවත් වධ දෙන්නේ නැහැ. (ද්විතීය කතාව 32:4) මුල්ම මිනිසා වුණු ආදම් පව් කළාම දෙවියන් එයාට නියම කරපු දඬුවම මරණයයි. දෙවියන් එයාට කිව්වේ “ඔබ දූවිලිය, දූවිල්ලටම හැරී යන්නෙහිය” කියලයි. (උත්පත්ති 3:19) එහෙම කියලා ආදම්ව සදහටම වධ විඳින තැනකට දැම්මා නම් දෙවියන් බොරු කියන කෙනෙක් වෙනවා.

  5. මිනිසුන්ට සදහටම වධ දෙනවා කියන අදහසවත් දෙවියන්ගේ හිතට එන්නේ නැහැ. (යෙරෙමියා 7:31) බයිබලයේ කියන්නේ “දෙවි ප්‍රේමය” කියලයි. (1 යොහන් 4:8) ඒ නිසා දෙවියන් මිනිසුන්ව පාතාලයට නැත්නම් නිරයට දාලා වධ දෙනවා කියන එක බොරුවක්.