Skip to content

බයිබලයේ තියෙන්නේ දෙවියන් කිව්ව දේවල්ද?

බයිබලයේ ඒ ගැන කියන දේ

බයිබලයේ තියෙන්නේ දෙවියන් කිව්ව දේවල් කියලා බයිබලය ලිව්ව අයම කියනවා. මේ උදාහරණ බලන්න.

  • දාවිත් රජු: “යෙහෝවා දෙවිගේ බලය, කතා කිරීමට මා පෙලඹුවේය. ඔහුගේ වචන මාගේ දිවෙහි තිබුණේය.”—2 සාමුවෙල් 23:1, 2.

  • අනාගතවක්තෘ යෙසායා: “ස්වර්ගයේ සේනාවල අධිපතිද විශ්වයේ පාලකයාණන්ද වන යෙහෝවා දෙවි මෙසේද පැවසුවේය.”—යෙසායා 22:15.

  • යේසුස්ගේ ගෝලයෙක් වන යොහන්: “මෙය යේසුස් ක්‍රිස්තුස් විසින් කරන ලද එළිදරව්වකි. එම එළිදරව්ව ඔහුට දෙනු ලැබුවේ දෙවි විසිනි.”—එළිදරව් 1:1.