සිංහල
දුක් වේදනාවලට වග කියන්න ඕනේ දෙවියන්ද?
https://cms-imgp.jw-cdn.org/img/p/502012504/univ/art/502012504_univ_sqr_xl.jpg
ijwbq 20 ලිපිය

දුක් වේදනාවලට වග කියන්න ඕනේ දෙවියන්ද?

දුක් වේදනාවලට වග කියන්න ඕනේ දෙවියන්ද?

බයිබලයේ ඒ ගැන කියන දේ

 නැහැ. යෙහෝවා දෙවියන් මිනිසාව නිර්මාණය කළේ දුක් විඳින්න නෙවෙයි. කොහොමවුණත් මුල්ම මිනිස් යුවළ දෙවියන්ට අකීකරු වෙලා හොඳ නරක තනියම තීරණය කරන්න පටන්ගත්තා. එදා ඉඳලා ඔවුන්ට හුඟක් දුක් විඳින්න සිද්ධ වුණා.

 අද අපි දුක් වේදනා අද්දකින්නේ ඒ නිසයි. ඒකට දෙවියන් වග කිව යුතු නැහැ.

 බයිබලයේ ඒ ගැන මෙහෙම කියනවා. “දුෂ්කරතා අද්දකින විට කිසි කෙනෙක්, ‘දෙවි මාව වරදකට හසු කරගන්න උත්සාහ කරනවා’ කියා කිසිසේත් නොපැවසිය යුතුයි. දෙවි ඉතා පරිශුද්ධ දෙවි කෙනෙක් බව මතක තබාගන්න. නපුරු දේ කරන්න ඔහුව පෙලඹවීමට කාටවත් බැරිය. ඔහුද නපුරු දේ කරන්න කිසි කෙනෙකුව පොලඹවන්නේ නැත.” (යාකොබ් 1:13) ඕනෑම කෙනෙක්ට දුක් වේදනා අද්දකින්න සිද්ධ වෙනවා. දෙවිට සේවය කරන අයටත් එහෙමයි.