සිංහල
‘හිස්ට්‍රි’ කියන අංගය පාවිච්චි කරන්න—iOS
https://cms-imgp.jw-cdn.org/img/p/802013115/univ/art/802013115_univ_sqr_xl.jpg

JW ලයිබ්‍රරි

‘හිස්ට්‍රි’ කියන අංගය පාවිච්චි කරන්න—iOS

‘හිස්ට්‍රි’ කියන අංගය පාවිච්චි කරන්න—iOS

ඔයා කියවපු ලිපි සහ බයිබල් පොත් මොනවාද කියලා ‘JW ලයිබ්‍රරි’ හිස්ට්‍රි එකේ තියෙනවා. මේක හරිම ප්‍රයෝජනවත්. ඔයා කලින් කියවපු බයිබල් පදයක් ආපහු බලන්න ඕනෙ නම් හිස්ට්‍රි කියන අංගයෙන් ඒක හොයන්න පුළුවන්.

හිස්ට්‍රි කියන අංගය පාවිච්චි කරන්න මේ උපදෙස් පිළිපදින්න:

 කලින් ඔයා බලපු දේවල් ආයෙත් බලන්න

බයිබලය කියන ටැබ් එක ටිකක් ඔබාගෙන ඉන්න. එතකොට ඔයා කලින් බලපු බයිබල් පද ලැයිස්තුවක් පෙන්නනවා. ඒ ලැයිස්තුවෙන් එක පදයක් උඩ ටැප් කළාම ඒක බයිබලයෙන් බලන්න පුළුවන්.

ප්‍රකාශන ටැබ් එක ටිකක් ඔබාගෙන ඉන්න. එතකොට ඔයා කලින් කියවපු ලිපිවල ලැයිස්තුවක් පෙන්නනවා. ඒ ලැයිස්තුවෙන් එක ලිපියක් උඩ ටැප් කළාම ඒක ආපහු බලන්න පුළුවන්.

 හිස්ට්‍රි එකේ තියෙන දේවල් මකලා දාන්න

බයිබල් කියන ටැබ් එක හෝ ප්‍රකාශන කියන ටැබ් එක ටිකක් ඔබාගෙන හිටියාම හිස්ට්‍රි කියන අංගය පෙන්නයි. එතැනින් මකන්න කියන බට්න් එක ටැප් කළාම ලැයිස්තුවේ තියෙන හැම දෙයක්ම මැකෙනවා.

2014 මැයි මාසයේ මුදාහැරිය ‘JW ලයිබ්‍රරි’ 1.2 වර්ෂන් එකේ මේ අලුත් විශේෂාංග ඇතුළත් කරලා තිබුණා. iOS 6.0 හෝ ඊටපසුව ආපු වර්ෂන්වල මේවා වැඩ කරනවා. මේ විශේෂාංග ඔයාගේ ඩිවයිස් එකේ පෙන්නන්නේ නැත්නම් අලුත්ම විශේෂාංග ලබාගන්න කියන කොටසේ ඇති “‘JW ලයිබ්‍රරි’ පාවිච්චි කරන්න පටන්ගන්න—iOS” යටතේ තියෙන උපදෙස් අනුගමනය කරන්න.