Amazon Fire TV සඳහා JW බ්‍රෝඩ්කාස්ටිං

Amazon Fire TV එකේ ඕඩියෝ වැඩසටහන් අහන්න

සිංහල
Amazon Fire TV එකේ ඕඩියෝ වැඩසටහන් අහන්න
https://cms-imgp.jw-cdn.org/img/p/802013152/univ/art/802013152_univ_sqr_xl.jpg

JW බ්‍රෝඩ්කාස්ටිං

Amazon Fire TV එකේ ඕඩියෝ වැඩසටහන් අහන්න

Amazon Fire TV එකේ ඕඩියෝ වැඩසටහන් අහන්න

Audio කියන කොටසේ සින්දු, නාට්‍ය, නාට්‍යමය ආකාරයට තියෙන බයිබල් කියවීම් ඇතුළු ඕඩියෝ වැඩසටහන් වර්ග කීපයක්ම තියෙනවා.

(සැලකිල්ලට ගන්න: ඔයාගේ රිමෝට් එක මේ කොටසේ පෙන්නලා තියෙන රිමෝට් එකේ පින්තූරයට වඩා වෙනස් වෙන්න පුළුවන්.)

තියෙන ඕඩියෝ වැඩසටහන් වර්ග බලාගන්න home ස්ක්‍රීන් එකට ගිහින් Audio සිලෙක්ට් කරන්න. ඕඩියෝ වැඩසටහන්වලට ඇහුම්කන් දෙන්න පහත සඳහන් උපදෙස් අනුගමනය කරන්න.

 ඕඩියෝ වැඩසටහනකට ඇහුම්කන් දෙන්න

හැම පේළියකම තියෙන්නේ ඕඩියෝ වැඩසටහන් වර්ගයක්. පේළියට උඩින් ඒ ඕඩියෝ වැඩසටහන් වර්ගය මොකක්ද කියලා සඳහන් වෙනවා.

  • Up සහ Down බට්න්: තවත් ඕඩියෝ වැඩසටහන් වර්ගයකට යන්න පාවිච්චි කරන්න.

  • Left සහ Right බට්න්: ඕඩියෝ වැඩසටහන් වර්ග යටතේ තියෙන්නේ මොන ඕඩියෝද කියලා බලන්න පාවිච්චි කරන්න.

ඔයා අහන්න කැමති ඕඩියෝ වැඩසටහන තෝරන්න Select කරන්න. එතකොට ඔයාට Audio Program Details බලන්න පුළුවන්.

ඊටපස්සේ පහත සඳහන් ඔප්ෂන්වලින් එකක් තෝරගන්න.

  • Play: මුල ඉඳන් ඕඩියෝ වැඩසටහන අහන්න.

  • Play All: ඔයා තෝරපු ඕඩියෝ වැඩසටහන් වර්ගයේ තියෙන හැම ඕඩියෝ එකක්ම ප්ලේ කරන්න. වැඩසටහන් වර්ගයක තියෙන හැම ඕඩියෝ එකක්ම ප්ලේ වුණාට පස්සේ ඕඩියෝ ප්ලේ වෙන එක නතර වෙනවා.

  • Resume : කලින් නවත්තපු තැන ඉඳන් ඕඩියෝ එකක් අහන්න පටන්ගන්න.

Audio Program Details යටින් තියෙන පේළියේ තියෙන්නේ ඔයා තෝරගෙන තියෙන ඕඩියෝ වැඩසටහන් වර්ගයට අයිති අනිත් ඕඩියෝ. ඒ පේළියට යන්න Down බට්න් එක ඔබන්න. Audio Program Detailsවලට ආයෙත් යන්න Up බට්න් එක ඔබන්න.

 ඕඩියෝ වැඩසටහන් වර්ගයක් යටතේ තියෙන ඕඩියෝවලට ඇහුම්කන් දෙන්න

ඔයාට ඕඩියෝ වැඩසටහනක් අහන්න පුළුවන්. එහෙම නැත්නම් ඕඩියෝ වැඩසටහන් වර්ගයක් යටතේ තියෙන හැම ඕඩියෝ එකක්ම අහන්නත් පුළුවන්. ඔයා අහන්න කැමති ඕඩියෝ වැඩසටහන් වර්ගය තෝරලා පහත සඳහන් ඔප්ෂන් එකක් තෝරගන්න.

  • Play All: වැඩසටහන් වර්ගයක් යටතේ තියෙන හැම ඕඩියෝ වැඩසටහනක්ම මුල ඉඳන්ම ප්ලේ වෙනවා.

  • Shuffle: වැඩසටහන් වර්ගයක් යටතේ තියෙන හැම ඕඩියෝ වැඩසටහනක්ම තැනින් තැන ප්ලේ වෙනවා.

ඕඩියෝ වැඩසටහනක් යටතේ තියෙන හැම ඕඩියෝ එකක්ම ප්ලේ වුණාට පස්සේ ඕඩියෝ ප්ලේ වෙන එක නතර වෙනවා.

 ඕඩියෝ එකේ ප්ලේ බට්න් එක පාවිච්චි කරන විදිහ

ඕඩියෝ වැඩසටහනක් ප්ලේ කරද්දී Amazon Fire TV රිමෝට් එකේ ප්ලේ බට්න් එක මේ දේවල් කරන්න පාවිච්චි කරන්න පුළුවන්.

  • Play/Pause බට්න්: ඕඩියෝ එක පෝස් කරන්න. ඕඩියෝ එක ආයෙත් ප්ලේ කරන්න ඒ බට්න් එකම ඔබන්න.

  • Fast Forward බට්න්: ඕඩියෝ වැඩසටහන ඉස්සරහට යවන්න. ඕඩියෝ එක ආයෙත් ප්ලේ කරන්න Play බට්න් එක ඔබන්න.

  • Rewind බට්න්: ඕඩියෝ වැඩසටහන ආපස්සට හරි මුලටම හරි යවන්න. ඕඩියෝ එක ආයෙත් ප්ලේ කරන්න Play බට්න් එක ඔබන්න.

  • Back බට්න්: Audio ස්ක්‍රීන් එකට ආයෙත් යන්න.