Skip to content

2019 මාර්තු 11
අලුත්ම දේවල්

භාෂා සංඛ්‍යාවේ වෙනසක්

භාෂා සංඛ්‍යාවේ වෙනසක්

අපේ වෙබ් අඩවියේ ප්‍රකාශන ලබාගන්න පුළුවන් භාෂා සංඛ්‍යාව ගණන් කරන විදිහේ වෙනස් වෙලා තියෙනවා. “ඔබේ භාෂාව තෝරන්න” කියන කොටුවේ අක්ෂර මාලා එකකට වැඩිය තියෙන භාෂාවල් දැන් වෙන වෙනම දැක්වෙන්නේ නැහැ. උදාහරණයකට සර්බියානු (සිරිලික්) සහ සර්බියානු (රෝම) භාෂා දැන් පෙන්වන්නේ භාෂා දෙකක් විදිහට නෙවෙයි, එකක් විදිහට. ඒ නිසා “ඔබේ භාෂාව තෝරන්න” කියන කොටුවේ තියෙන භාෂා ගණන අඩු වෙලා තියෙනවා. ඉදිරියේදී මේ වෙනස්කම ‘ඔන්ලයින් ලයිබ්‍රරි’ එකෙත් ‘JW ලයිබ්‍රරි’ ඇප් එකෙත් සිදු කරනවා.