Skip to content

2017 ඔක්තෝබර් 6
අලුත්ම දේවල්

වෙබ් අඩවියේ “බයිබල් ඉගැන්වීම්” කොටස නව මුහුණුවරකින්

වෙබ් අඩවියේ “බයිබල් ඉගැන්වීම්” කොටස නව මුහුණුවරකින්

jw.org වෙබ් අඩවියේ “බයිබල් ඉගැන්වීම්” කියන කොටස අලුත් කරලා තියෙනවා. ඔයා කැමති විෂයක් යටතේ තියෙන ලිපි හොයාගන්න එක දැන් තවත් ලේසි කරලා තියෙනවා. වෙනස්කම් කීපයක් ගැන බලමු:

  • ඉතිහාසය සහ බයිබලය” කියන අලුත් කොටස යටතේ අද වෙන කල් බයිබලය ආරක්ෂා වෙලා තියෙන විදිහ, බයිබලය පරිවර්තනය සහ බෙදාහැරීම් කරපු විදිහ වගේම ඉතිහාස තොරතුරුවලට අනුව බයිබලයේ වාර්තා කරලා තියෙන සිද්ධීන් නිවැරදියි කියලා පෙන්නන සාක්ෂි ගැනත් කතා කරලා තියෙනවා.

  • අපි මුහුණ දෙන අභියෝග එක්ක සාර්ථකව කටයුතු කරන්න බයිබලයේ තියෙන තොරතුරු උදව් වෙන විදිහ ඇතුළත් ලිපි “සතුට සහ සාමය” කියන අලුත් කොටසෙන් ලබාගන්න පුළුවන්.

  • අපි අවට පරිසරයේ තියෙන දේවලින් බයිබලයේ තියෙන තොරතුරු විද්‍යාත්මකව නිවැරදියි කියලා ඔප්පු වෙනවා. ඒ ගැන තියෙන ලිපි “විද්‍යාව සහ බයිබලය” කියන අලුත් කොටසේ ඇතුළත් වෙනවා.

  • බයිබලයෙන් උත්තර” කියන කොටසත් අලුත් වෙලා. දැන් යම් නිශ්චිත විෂයක් ගැන තියෙන ලිපි තවත් ලේසියෙන් හොයාගන්න පුළුවන්.

  • “විවාහක යුවළට සහ දෙමාපියන්ට” කියන නමින් තිබුණ කොටස දැන් “විවාහය සහ පවුල් ජීවිතය” කියලා වෙනස් කරලා තියෙනවා. සාර්ථක විවාහ ජීවිතයක් ගත කරන්න වගේම දරුවන්ව හොඳින් ඇතිදැඩි කරන්න උදව් වෙන බයිබලයේ මඟ පෙන්වීම් මේ කොටසේ තියෙනවා.