Skip to content

2018 සැප්තැම්බර් 5
අලුත්ම දේවල්

ඉංග්‍රීසි භාෂාවෙන් සහ පෘතුගීසි භාෂාවෙන් “ඔන්ලයින් බයිබල් ස්ටඩි ලෙසන්ස්” මුදාහරියි

ඉංග්‍රීසි භාෂාවෙන් සහ පෘතුගීසි භාෂාවෙන් “ඔන්ලයින් බයිබල් ස්ටඩි ලෙසන්ස්” මුදාහරියි

“ඔන්ලයින් බයිබල් ස්ටඩි ලෙසන්ස්” කියන අලුත් අංගය ඉංග්‍රීසි සහ පෘතුගීසි භාෂාවලින් jw.org එකට ඇතුළත් කරලා තියෙනවා. ඒකේ තියෙන්නේ බයිබලය අධ්‍යයනය කරන්න උදව් වෙන පාඩම් මාලාවක්. ඒ පාඩම් මාලාව නොමිලේ අධ්‍යයනය කරන්න පුළුවන්. ඒ වගේම ඒ අලුත් අංගය භාවිත කරන විදිහ කෙනෙක්ට තනියම ඉගෙනගන්න පුළුවන්. ඔන්ලයින් ක්‍රියාකාරකම්, කෙටි වීඩියෝ සහ ඔන්ලයින් බයිබලය මේ අලුත් අංගයට ඇතුළත්. අධ්‍යයනය කරද්දී ඔයා කොයි තරම් ප්‍රගතියක් ලබලා තියෙනවාද කියලා දැනගන්නත් ඔයා අන්තිමට නතර කරපු තැන ඉඳලා දිගටම කරගෙන යන්නත් මේ අලුත් අංගයේ ඉඩ සලසලා තියෙනවා.

සාක්ෂිකරුවන් මිනිසුන්ව මුණගැහිලා කරන බයිබල් සාකච්ඡාවන් වෙනුවට නෙමෙයි මේ අංගය වෙබ් අඩවියට ඇතුළත් කරලා තියෙන්නේ. ඒ වෙනුවට ඒක හඳුන්වා දුන්නේ බයිබලයේ තියෙන දේවල් මුලින්ම තනියම හොයලා බලන්න කැමති අය සහ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් එක්ක බයිබලය පාඩම් කරන්න අවස්ථාවක් නැති අයගේ ප්‍රයෝජනය සඳහායි.