Skip to content

2018 ඔක්තෝබර් 8
අලුත්ම දේවල්

අලුත් ප්‍රකාශන සහ සංශෝධනය කරපු වෙබ් අඩවිය සහ ඇප් එක

අලුත් ප්‍රකාශන සහ සංශෝධනය කරපු වෙබ් අඩවිය සහ ඇප් එක

2018 ඔක්තෝබර් 6වෙනිදා පවත්වපු වොච් ටවර් බයිබල් සහ ට්‍රැක්ට් සොසයටි ඔෆ් පෙන්සිල්වේනියා ආයතනයේ වාර්ෂික රැස්වීමේදී ප්‍රකාශන දෙකක් මුදාහැරියා. ඒ තමයි එසකියෙල් පොතේ ඇති අනාවැකි මත පදනම්ව සකස් කළ ‘යෙහෝවා දෙවියන්ට කරන පවිත්‍ර නමස්කාරය යළි පිහිටුවයි’ (සිංහලෙන් නැත) කියන පොත සහ කියවීමේ සහ ඉගැන්වීමේ හැකියාව දියුණු කරගන්න යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන් වෙනුවෙන් සකස් කළ ‘ඔබ කියවන සහ උගන්වන ආකාරය ගැන සැලකිලිමත් වන්න’ කියන සඟරාව.

‘යෙහෝවා දෙවියන්ට කරන පවිත්‍ර නමස්කාරය යළි පිහිටුවයි’ කියන පොත ඉංග්‍රීසියෙනුත් ‘ඔබ කියවන සහ උගන්වන ආකාරය ගැන සැලකිලිමත් වන්න’ කියන සඟරාව භාෂා ගණනාවකින් jw.org වෙබ් අඩවිය සහ ‘JW ලයිබ්‍රරි’ ඇප් එක හරහා දැන් ලබාගන්න පුළුවන්. ඉදිරියේදී ‘පවිත්‍ර නමස්කාරය යළි පිහිටුවයි’ කියන පොත තවත් භාෂාවලින් ලබාගන්න පුළුවන් වෙයි.

අපේ වෙබ් අඩවි සහ ඇප්වලින් තව ප්‍රයෝජන ගන්න පුළුවන් වන විදිහට ඒවා සංශෝධනය කරන්න යනවා කියලත් වාර්ෂික රැස්වීමේදී පාලක මණ්ඩලය දැනුම් දුන්නා. ඒ කොහොමද? JW බ්‍රෝඩ්කාස්ටිං සහ ‘ඔන්ලයින් ලයිබ්‍රරියේ’ ඇති තොරතුරු සහ අංග ඇතුළත් කරලා jw.org වෙබ් අඩවිය යළි සකස් කරනවා. ඒ විතරක් නෙමෙයි ‘වොච්ටවර් ලයිබ්‍රරි’ (සිංහලෙන් නැත) එකේ ඇති තොරතුරු සහ අංග වගේම දැනට jw.org වෙබ් අඩවියේ විතරක් පළ වන තොරතුරුත් ඇතුළත් කරලා ‘JW ලයිබ්‍රරි’ ඇප් එකත් යළි සකස් කරනවා. පොදුවේ ගත්තොත් අලුත් වෙබ් අඩවියෙත් අලුත් ඇප් එකෙත් පෙනුම බොහෝදුරට එක හා සමාන වන අතර බොහොම ලේසියෙන් පාවිච්චි කරන්නත් පුළුවන් වෙයි. උදාහරණයකට කිව්වොත් අලුතෙන් සකස් කරපු වෙබ් අඩවියේ සහ ඇප් එකේ තොරතුරු නැවිගේට් කරන්න නැත්නම් සොයාගන්න ලේසියෙන්ම පුළුවන් වන නිසා දෙවි සපයන ‘ආහාර’ ඉක්මනින් සොයාගන්න පුළුවන් වෙනවා. සැලසුම් සහ නිර්මාණ කටයුතු දැනටමත් පටන් අරන් තියෙන්නේ. ඉදිරියේදී ඉන් ප්‍රයෝජන ගන්න හැමෝටම පුළුවන් වෙයි.