2019 ජූලි 22
අලුත්ම දේවල්
අයිස්ලන්ත භාෂාවෙන් සහ ස්පාඤ්ඤ භාෂාවෙන් ‘නව ලොව පරිවර්තනය’ මුදාහරියි
2019 ජූලි 19වෙනිදා ඩෙන්මාර්කයේ කෝපන්හේගන් නගරයේදී ‘ක්‍රිස්තියානි ග්‍රීක ශුද්ධ ලියවිල්ලෙහි නව ලොව පරිවර්තනය’ අයිස්ලන්ත භාෂාවෙන් මුදාහැරියා. එදාම ස්පාඤ්ඤයේ මැඩ්‍රිඩ් නගරයේදී සංශෝධනය කළ ‘ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය’ ස්පාඤ්ඤ භාෂාවෙන් මුදාහැරියා. ‘නව ලොව පරිවර්තනය’ සම්පූර්ණයෙන්ම හරි ඒකේ කොටසක් විදිහට හරි භාෂා 181කින් දැන් ලබාගන්න පුළුවන්. ඒකට 2013දී මුදාහැරපු සංශෝධනය කළ ඉංග්‍රීසි ‘නව ලොව පරිවර්තනයට’ අනුව පරිවර්තනය කරපු භාෂා 25ක් ඇතුළත්.

